සහරාන්ට උදව් කළ විවාහ රෙජිස්ටාර් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

සහරාන්ට උදව් කළ විවාහ රෙජිස්ටාර් අත්අඩංගුවට

සහරාන්ට උදව් කළ විවාහ රෙජිස්ටාර් අත්අඩංගුවට

අම්පාර ඔලුවිල් ප්‍රදේශයේදී 55 හැවිරිදි විවාහ රෙජිස්ටර් වරයෙකු අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය (TID) සමත්වී තිබෙනවා.

 

මෙලෙස ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ 2017 වසරේ සහරාන් හෂීම් සහ තවත් පුද්ගලයින් පිරිසකට රැකවරණය සැලසීම සහ අන්තවාදය ප්‍රවර්ධනය කිරීම හේතුවෙනි.

 

2017 වසරේදී සහරාන් හෂීම් කාත්තන්කුඩි ප්‍රදේශයේ දී තවත් කණ්ඩායමක් සමග ගැටුමක් ඇති කර ගැනීමෙන් පසුව පලා ගොස් සඟව සිට ඇත්තේ මෙම සැකකරුගේ නිවසේ බව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

 

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසේ රැකවරණය ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

views

1363 Views

Comments

arrow-up