කොවිඩ් රෝගීන්ගේ බත් පතෙනුත් ගසා කාලා (VIDEO)

මඩකලපුව පෙරියකල්ලාරු රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් 150ක පමණ පිරිසට ලබා දෙන ආහාර වේල් වල ගුණාත්මකභාවය පිළිබඳව මන්ත්‍රී ශානක්‍යන් රාසමන්කම් ප්‍රශ්න කර සිටිනවා.
මඩකලපුව පෙරියකල්ලාරු රෝහලේ ගොවි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් 150ක පමණ පිරිසට ලබා දෙන ආහාරවල ගුණාත්මකභාවය ඉතාමත් අඩු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
ඔහු පෙන්වා දෙන්නේ එක් රෝගියෙකුගේ වේල් තුනකින් යුත් ආහාර වේල් සඳහා රජය විසින් රුපියල් 750 ක මුදලක් වෙන් කර ඇති බවයි. ඒ අනුව එක් වේලක් සඳහා එක් රෝගියෙකුට රුපියල් 250 ක පමණ වටිනාකමකින් යුත් ආහාර වේලක් ලබාදෙන බවත් කෙසේ නමුත් මෙම රෝහලේ ලබා දෙන ආහාරවල එතරම් වටිනාකමක් සහ ගුණාත්මක භාවයක් නොමැති බව ඔහු ප්‍රකාශ කරනවා. මේ සම්බන්ධයෙන් අවස්ථා 20කට වැඩි සංඛ්‍යාවක් රෝහල් බලධාරීන්ට පැමිණිලි කර ඇති බවත් තවමත් ඒ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලැබී නොමැති බවත් ඔහු ප්‍රකාශ කළා.
ඔහු පවසන්නේ ආහාර ලබා දීමේදී අදාළ කොන්ත්‍රාත්කරුවන් විසින් එම මුදල් වංචා කර ඇති බවයි.
1275 Views
Comments