සෞඛ්‍ය සේවකයන්ට වැඩට එන්න බස් දෙන්න - ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය

දැනට රෝහල්වල පවතින තත්ත්වයන් හමුවේ සෞඛ්‍ය සේවකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව රජය දැනුවත් කළද මෙතෙක් කිසිදු පිළිතුරක් ලැබී නොමැති බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට සෞඛ්‍ය සේවයේ නිරත වන සේවකයන්ට සිය රැකියාව සඳහා වාර්තා කිරීමට ප්‍රමාණවත් ගමනාගමන පහසුකම් නොමැති බවයි. ඒ හේතුවෙන් රජය මැදිහත් වී ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් ලබා දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටිනවා.
මේ වන විට ඇතැම් සෞඛ්‍ය සේවකයන්ට වැඩි මුදලට ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට සිදුවී ඇති බවද ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ප්‍රකාශ කළා.
මේ අතර කොරෝනා වසංගතය අවදානම නොතකා නීති විරෝධී ආකාරයෙන් දුම්රිය මගින් වැලි ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව දුම්රිය වෘත්තීයවේදීන්ගේ සංගමය නිවේදනය කළා.
එම සංගමය පෙන්වා දෙන්නේ විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරී තිබෙන බලය වැරදි ලෙස නිරූපණය කරමින් අදාල සමාගම් වලට වාසි වන ආකාරයෙන් මෙම ජාවාරම සිදුවන බවයි.
මේ හේතුවෙන් වැලි ප්‍රවාහනය කරන දුම්රිය මගින් එක් ගමන් වාරයක් තුලදී දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 169 000ක පාඩුවක් සිදුවන බවද ඔවුන් සඳහන් කළා.
1263 Views
Comments