කොරෝනා නිසා නට්ටං වූ කුඩ්ඩෝ පිහි අරං ගෙවක් බිඳිති (PHOTOS)

කොරෝනා නිසා එදිනෙදා ජීවනෝපාය කර ගත් අයට රැකියා අහිමි විය.විශේෂයෙන් එදිනෙදා කුලි වැඩක් කර ගන්න කෙනාට අද කුලි වැඩ නැත.කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිටින ඇතැම් කුලි සේවයේ යෙදෙන්නන් බොහෝ දෙනෙකු මත්ද්‍රව්‍ය වලට හා මත්පැන් වලට ලොල් වූවෝ වෙනවා
"කුඩු සික් එක,බොන සික් එක "වගේ සිල්ලර වචන වලින් හදුන්වන ලෙඩ ඇති බොහෝ දෙනෙකු මේ නිසා සොරකමකට හුරුව ඇතැයි පොලිස් බුද්ධි අංශ පවසනවා.
මේ තත්ත්වයෙන් පසුගිය දින කිහිපය පුරාම මුල්ලේරියාව හා ඒ අවට නිවැසියන් බැට කෑවා.
නිවැසියන් රාත්‍රියේ නින්දට ගිය පසු හොරු සේනා ඔවුන්ගේ රාජකාරිය පටන් ගනී.
මේ නිසා එම ප්‍රදේශවල නිවාස රැසක් හොරුන්ගේ ග්‍රහණයට නතු වෙලා ඉවරයි.
එම ප්‍රදේශයේ සැරි සරන සොරෙකුගේ දර්ශන ද සීසීටීවි කැමරාවක වැදිලා තිබෙනවා. ඔහු අතේ තියුණු ආයුධයක්ද තිබෙනවා.
මේ නිසා මුල්ලේරියාව ඇතුළු ගම්වාසීන් රෝග බියට අමතරව සොර බියටද පත්වෙලා ඉන්නේ.
කෙසේ නමුත් මෙම සොර කල්ලිය අල්ලන්න පොලිසියද මෙහෙයුම් ක්‍රියාත්මක කරලා තිබෙනවා.
801 Views
Comments