පාසල් සිසුන්ට දෙන්න ගෙනා මත්පෙති සමඟ අයෙක් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

පාසල් සිසුන්ට දෙන්න ගෙනා මත්පෙති සමඟ අයෙක් මාට්ටු

පාසල් සිසුන්ට දෙන්න ගෙනා මත්පෙති සමඟ අයෙක් මාට්ටු

 

පාසල් සිසුන් ඉලක්ක කරගෙන වව්නියාව ප්‍රදේශයේ මත්පෙති අලෙවි කරමින් සිටි සැකකරුවෙක් පෙති 539ක් සමග විශේෂ කාර්ය බලකාය  විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙහුගේ මත්පෙති ජාවාරම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් අනතුරු වව්නියාව පුවරසන්කුලම් පොලිස් වසමේ 04 කණුවල මන්නාරම් පාරල වව්නියාව ලිපිනයේ ඊයේ (27) පස්වරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති අතර සැකකරු වව්නියාව පූවරසම්කුලම්  ප්‍රදේශයේ පදිංචි (33) හැවිරිදි පුද්ගලයෙකි.

 

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු පුවරසන්කුලම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

views

83 Views

Comments

arrow-up