පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ අවසන් කටයුතු ඉරිදා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
05

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ අවසන් කටයුතු ඉරිදා

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ අවසන් කටයුතු ඉරිදා

අභාවප‍්‍රාප්ත, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී. රංජිත් සොයිසා මහතාගේ ආදාහන කටයුතු ලබන ඉරිදා (8) ගොඩකවෙල මහජන ක‍්‍රීඩාංගණයේදී පස්වරු 2.00ට පැවැත්වෙනවා.


 
සිංගප්පුරුවේ ප‍්‍රධාන රෝහලේදී ඊයේ(4දා) උදෑසන අභාවප‍්‍රාප්ත වූ රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයාගේ දේහය එදින රාත‍්‍රී 09.00ට පමණ කටුනායක ගුවන් තොටුපළට ගෙනෙනු ලැබුවේ යූ.එල් 309 දරණ ගුවන යානයෙන් බව සිංගප්පුරුවේ සිට පැමිණි ගොඩකවෙල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රියන්ත බණ්ඩාර ගුණතිලක මහතා කියා සිටියා.


 
බන්දුල ගුණවර්ධන, ඩලස් අලහපෙරුම අමාත්‍යවරු ඇතුලූ දේශපාලන අධිකාරින් නියෝජනය කරමින් නියෝජිත පිරිසක්  කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියා.


 
දේහය අද(5) උදෑසන 8.00ට  ගොඩකවෙල, මස්ඉඹුල නිවසට ගෙනයාමට නියමිත අතර ගෙනයන අතරවාරයේදී රත්නපුර නව නගරයේ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට සුලු වේලාවක් අවමංගල පෙරහර නතර කිරීමට නියමිතයි.

views

602 Views

Comments

arrow-up