පැවති පාර්ලිමේන්තුව නොකැදවුවොත් ජනාධිපතිට මතක හිටින පාඩමක් උගන්වනවා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

පැවති පාර්ලිමේන්තුව නොකැදවුවොත් ජනාධිපතිට මතක හිටින පාඩමක් උගන්වනවා

පැවති පාර්ලිමේන්තුව නොකැදවුවොත් ජනාධිපතිට මතක හිටින පාඩමක් උගන්වනවා

පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු නොකළහොත් ඔහුට මතක හිටින පාඩමක් උගන්වන බව කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කරති.

 

පවතින තත්ත්වය මත පැවති පාර්ලිමේන්තු වහාම කැඳවා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවද උන්වහන්සේ පැවසූහ.

 

එසේ නොකළහොත් ජනාධිපතිවරයාටද මතක හිටින පාඩමක් ඉගෙන ගැනීමට ලැබුණු ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

 

අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.

 

පසුගිය රජය සමයේ දඹර අමිල හිමියන් ට මාසිකව රුපියල් 95,000 මුදලක් ලිත්‍රො ගෑස් සමාගමෙන් ලබා දී තිබිණි. සමාගම පවසන්නේ ඒ ගෑස් ප‍්‍රවර්ධන කටයුතු සදහා බව වුවත් අමිල හිමියන් බවසන්නේ ධර්ම ප්‍රචාරක කටයුතුවලට සහභාගීවීම සඳහා බවයි.

 

ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ද පොලිසිය විසින් සිදුකරමින් පවතී.

 

lanka C news

views

702 Views

Comments

arrow-up