රාජිතව සිංගප්පූරු ගෙනියන්න අවසර ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

රාජිතව සිංගප්පූරු ගෙනියන්න අවසර ඉල්ලයි

රාජිතව සිංගප්පූරු ගෙනියන්න අවසර ඉල්ලයි

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රාජිත සේනාරත්න මන්ත්‍රිවරයාව සිංගප්පුරු මවුන්ට් එළිසෙබත් රෝහලට රැගෙනයාමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥයින් සදහන් කර සිටිනවා.

 

ඔහුගේ නීතිඥවරයින් සදහන් කළේ සිංගප්පුරු මවුන්ට් එළිසෙබත් රෝහලෙන් නිකුත් කළ වෛද්‍ය වාර්තා හා මේ වනවිට ඔහු ප්‍රතිකාර ලබන නාරාහේන්පිට පෞද්ගලික රෝහලෙන් නිකුත් කළ වෛද්‍ය නිර්දේශ ඉදිරිපත් කර විදේශ ගමන් තහනම ඉවත් කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

 

මේ අතර පසුගිය 26 වනදා සිට නාරාහේන්පිට පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා සාමාන්‍ය වාට්ටුවකට මාරුකර තිබෙනවා.

views

696 Views

Comments

arrow-up