බදුල්ලේ කොවිඩ් මර්දන ක්‍රියාවලිය අක්‍රමවත් - බදුල්ලේ PHI ලා ලෙඩ නිවාඩු දමයි (VIDEO)

බදුල්ල දිස්ත්‍රික්කය තුළ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ නිසි පරිදි සිදු කිරීමේ හැකියාවක් නොමැති නිසා අද (10) දිනයේ දී බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වී තිබෙනවා.
බදුල්ල දිස්ත්‍රික් මහජන පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති රංජිත් දිසානායක මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ මේ වන විට දිස්ත්‍රික්කය තුළ නිරෝධායන ක්‍රියාවලියද අවිධිමත් ලෙස සිදුවන බවයි.
ඒ හේතුවෙන් රෝග ආශ්‍රිතයින් සොයාගැනීම, PCR පරීක්ෂණ සිදු කිරීම, ආසාදිතයින් රෝහල් ගත කිරීම වැනි කටයුතු ද බොහෝ සෙයින් අක්‍රමවත් බව ඔහු ප්‍රකාශ කළා.
මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක් වූ බදුල්ල දිස්ත්‍රික් මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති රංජිත් දිසානායක මහතා,
"මේ නෛතික ක්‍රියාවලිය තුළ නිශ්චිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන රාජකාරි මොනවා ද කියන එක අපට පැහැදිලි කර ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ සඳහා ප්‍රධාන ලේකම්තුමා සහ සෞඛ්‍ය ලේකම්තුමා සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරා මේ තීරණ පරිදි ක්‍රියාත්මක වෙන්න කියලා. නමුත් ඒ තීරණ අද වෙනකල් ඔවුන් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වෙලා තියෙනවා. මේ තුළ වෘත්තීය අයිතීන් දිනාගැනීමක් නෑ. බදුල්ලේ ජනතාවට ගුණාත්මකව මේ සේවය ඉටුකිරීමේ අවශ්‍යතාවය තමයි අපිට තියෙන්නේ. ඒ නිසා මෙහිදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට අපි සුදානම් වුණේ මහජනතාව ආරක්ෂා කරන්න."
915 Views
Comments