විදුලි සැර වැදීමෙන් ඇතෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

විදුලි සැර වැදීමෙන් ඇතෙකු ජීවිතක්ෂයට

 විදුලි සැර වැදීමෙන් ඇතෙකු ජීවිතක්ෂයට

 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාසයේ (406) කරගහවැව ග්‍රාම නිලධාරී වසමේ (03) අද අලුයම 1.00ට පමණ දල ඇතෙකු විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

 

නිවසක ඉඩම වටා ඇද තිබූ විදුලි රැහැනක් මෙයට හේතුව වී ඇති බව තලාව වනජීවී කාර්‍යාලය ප්‍රකාශ කරයි.

 

මේ වන විට එම නිවසේ අයිතිකරු සැකකරු වශයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම දල ඇතා වසය 25ක් පසුවන බවත් උස අඩි 7.5 වන අතර දළ යුගලය අගල් 8 ප්‍රමාණයකින් යුතු බවටද වනජීවී කාර්‍යාලය පැවසූහ.

 

අද දින මරණ පරීක්ෂණය සිදුවන අතර මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ තලාව වනජීවී කාර්‍යාලය හා තලාව පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.

 

 

 

 

 

සටහන හා ඡායාරූප - අනුරාධපුර - අනුරංග නිසල්

views

848 Views

Comments

arrow-up