ග්‍රාම නිළධාරී වසම් 08ක් හුදකලා කරයි

අද (03) දිනයේ දී තවත් දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී කොට්ඨාශ 8ක් හුදකලා කළ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව අද දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බල ප්‍රදේශයට අයත් උග්ගල්ල ග්‍රාම නිලධාරී වසමත්, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් අල්විස්වත්ත ග්‍රාම නිලධාරී වසමත් හුදකලා කර තිබෙනවා.
මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයෙත්, නාරම්පිටිය සහ පිංවත්ත බටහිර යන ග්‍රාම නිලධාරී වසම් දෙක හුදකලා කර ඇති බව ද වාර්තා වනවා.
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි උතුර පොලිස් බල ප්‍රදේශයට අයත් තිස්සවීරසිංගම් චතුරස්‍රය ග්‍රාම නිලධාරී වසමද හුදකලා කර තිබෙනවා.
753 Views
Comments