LTTE ය ප්‍රවර්ධනය කළ අයෙක් අත්අඩංගුවට

එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කළ අයෙක් එරාවූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 56 හැවිරිදි වෙන්කලඩි ප්‍රදේශයේ පදිංචි නවනීදන් පිල්ලේ මෝහන් හෙවත් තියටර් මෝහන් නම් අයෙක්. මොහුට පොලිස් ස්ථාන කිහිපයක විවිධ නඩු 14ක් පමණ තිබූ අයෙක් බවට ද වාර්තා වේ.
සැකකරු සතුව තිබූ Apple ipad එකක් සහ ජංගම දුරකථනයක් පොලිසිය භාරයට ගෙන ඇත. මෙරට තුළ තහනම් සංවිධානයක් ලෙස සැලකෙන එල්ටීටීඊ සංවිධානය අන්තර්ජාලය ඔස්සේ ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. මොහුව ඉදිරියටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.
562 Views
Comments