අධිවේගයේ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන කිහිපයක සේවකයන්ට කොරෝනා. රියදුරන්ට දැනුම් දීමක් !
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

අධිවේගයේ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන කිහිපයක සේවකයන්ට කොරෝනා. රියදුරන්ට දැනුම් දීමක් !

අධිවේගයේ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන කිහිපයක සේවකයන්ට කොරෝනා. රියදුරන්ට දැනුම් දීමක් !

මේ වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු කිහිපයක කාර්ය මණ්ඩල ඉවත් කර තිබෙන බව වාර්තා වනවා.

 

ඊට හේතුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කාර්යමණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුට Covid-19 වෛරසය ආසාදනය වී තිබීම බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් මහතා ප්‍රකාශ කළා.

 

මෙලෙස ඉවත් කර ඇත්තේ කොට්ටාව කඩුවෙල සහ අතුරුගිරිය යන අන්තර් හුවමාරු මධ්‍යස්ථාන වල සේවකයින් බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් මෙම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන විවෘතව තැබෙන අතර ඒවායින් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වන හා ඉන් පිටවන වාහන සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් සිදු වන්නේ නැහැ.

 

මේ හේතුවෙන් අදාළ ස්ථානවලින් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වන රියදුරන් සිය ගාස්තු ගෙවීමේ කටයුතු සිදුකළ යුත්තේ ඔවුන් පිටවන ස්ථානයේ පිහිටි අන්තර් හුවමාරු මධ්‍යස්ථාන වලිනුයි.

 

වාර්තා වන පරිදි කඩුවෙල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය සේවකයන් 04 දෙනෙකුට, කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයන් 12 දෙනකුට හා අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ එක් සේවකයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

 

මේ හේතුව නිසාම අද උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද දක්නට ලැබුණා.

views

899 Views

Comments

arrow-up