දේපළ කොල්ලකෑ කාන්තාවක් ඇතුලු තිදෙනෙක් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

දේපළ කොල්ලකෑ කාන්තාවක් ඇතුලු තිදෙනෙක් මාට්ටු

දේපළ කොල්ලකෑ කාන්තාවක් ඇතුලු තිදෙනෙක් මාට්ටු

කොල්ලූපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම්වල දේපොළ සොරාගැනීම් රැසකට සම්බන්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.

 

අත්අඩංගුවටගත් අය අතර "රෙඩ් බානාවත්තේ පුතා" සහ "මරදානේ ඉම්රාන්" යන අන්වර්ථ නම්වලින් හඳුන්වන පුද්ගලයන් දෙදෙනාද වන බව පොලීසිය කීය.

 

එම සැකකරුවන් සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ 15කට අධික වටිනා ලැෆ්ටොෆ් පරිගණක 6ක්, පරිගණක කොටස්, ටැබ් යන්ත්‍ර, මිල අධික පාපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.

 

කොල්ලුපිටිය තර්ස්ටන් පාරේ පුද්ගලික විශ්වවිද්‍යාලයකට රාත්‍රී කාලයේ දී ඇතුළු වී පරිගණක සොරා ගැනීම, නිවාස සංකීර්ණයක මුරකුටියේ තිබූ පරිගණක ඇතුළු දේපොළ රැසක් සොරා ගැනීම, කොම්පඤ්ඤ වීදිය සුපිරි වෙළෙඳසැලක් අසල නවතා තිබූ රුපියල් ලක්ෂ තුනහමාරකට අධික වටිනා පාපැදියක් සොරා ගැනීම හා ලැප්ටොප් පරිගණක බහා තිබූ බෑග්වල තිබූ මුදල් පසුම්බිවල ATM කාඩ්පත් සොරාගෙන ඒවායින් කිරිපිටි සහ කේක් මිලදීගෙන තිබූ බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.

views

201 Views

Comments

arrow-up