නුවරඑළියේ බස්රථ අනතුරකින් 40කට තුවාල

නුවරඑළිය සිට ත්‍රිකුණාමලය දක්වා විනෝද චාරිකාවක් යන පිරිසක් රැගෙන ධාවනය කළ පෞද්ගලික බස් රථයක් නුවරඑළිය, ලබුකැලේ, ටොප්පාස් ප්‍රදේශයේදි අනතුරට ලක්විය.
ඉන් එම බස් රථයේ ගමන් ගත් 40 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළු කළ බව පොලීසිය පැවසීය.
අද (11) දින අලුයම 5 ට පමණ මෙම අනතුර සිදු වී තිබුණි.
ධාවනය වෙමින් තිබු බස් රථයේ තිරිංග හදිසියේ ක්‍රියාවිරහිත විම නිසා බස් රථය වංගුවක් සහිත ප්‍රදේශයේදි ඉහළ මාර්ගයේ සිට පහළ මාර්ගයට පෙරළී මෙම අනතුර සිදු වී ඇත.
අනතුරෙන් තුවාල ලැබූ පිරිස ප්‍රදේශවාසීන් සහ නුවරඑළිය පොලීසියේ නිලධාරින් එක්ව රෝහල් ගතකර ඇති අතර, තුවාලකරුවන්ගෙන් කිහිපදෙනෙකුගේ අස්ථි බිඳී ඇති බවද රෝහලේ සේවකයෙකු පැවසිය.
බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ බස් රථයේ රියදුරා, සහායකයා ඇතුළු 41 දෙනෙකු ගමන් කර තිබුණි.
248 Views
Comments