මැදවච්චිය හමුදා කඳවුරේ සෙබළියක් රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

මැදවච්චිය හමුදා කඳවුරේ සෙබළියක් රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ගනී

මැදවච්චිය හමුදා කඳවුරේ සෙබළියක් රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ගනී

මැදවච්චිය යුද හමුදා කඳවුරේ දෙවන ස්වෙච්ඡා බළකායේ සේවය කළ යුද හමුදා සෙබළියක් ඊයේ (10) අලුයම 3.50ට පමණ, රාත්‍රී මුර සේවයේ සිටියදී තම ටී. 56 වර්ගයේ ගිනිඅවියෙන් පපු ප්‍රදේශයට වෙඩි තබාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර ගෙන ඇත.

 

එම වෙඩි තබා ගැනීමෙන් බරපතළ තුවාල ලැබූ 25 හැවිරිදි මෙගොඩවත්ත යකල්ල ලිපිනයේ පදිංචි යුද හමුදා සෙබළිය මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ තත්ත්වය බරපතළ බවත් මේ වන විට එක් ශල්‍යකර්මයක් සිදු කර ඇති බවත් රෝහල් බලධාරීහු පවසති.

 

මීට අවුරුදු 06ට පෙර මෙම සෙබළිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කඳවුරේ දෙවන ස්වෙච්ඡා බළකායේ සේවයට බැඳී තිබුණි. අනතුරුව විවාහ වී සිටින අතරතුරු මීට මාස කිහිපයක සිට මෙම සෙබළියට හිසෙහි හටගත් වේඳනාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමක් ද සිදු කර ඇත.

 

එම සෙබළිය ඊයේ (10 දා) දිනයේ ද තම මිතුරියක සමග හිසේ කැක්කුමක් ඇති බව ප්‍රකාශ කර ඇත. අනතුරුව රාත්‍රී 02 – 04 සේවා මුරයට ඇය සමග තවත් සෙබළියන් දෙදෙනකු මෙම කඳවුරේ අංක 03 මුර කඳවුරේ මුර සේවයට වාර්තා කර තිබුණි. එහිදී සෙබළිය තම මුර කඳවුරින් මීටර් 20 ක් පමණ ඉදිරියට පැමිණ මෙම වෙඩි තබා ගැනීම සිදු කර ඇති බව මැදවච්චිය පොලිසිය කියයි.

 

views

236 Views

Comments

arrow-up