සැමියාගේ පිහි පහරින් බිරිඳ සහ නැන්දණිය අවසන්ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

සැමියාගේ පිහි පහරින් බිරිඳ සහ නැන්දණිය අවසන්ගමන් යයි

සැමියාගේ පිහි පහරින් බිරිඳ සහ නැන්දණිය අවසන්ගමන් යයි

මොනරාගල නක්කල පාලම හංදිය අසල නක්කල බදුල්ල පාර 15 ඉඩමේදී  සිදුවු පවුල් ආරවුලක්මත සැමියා සිදුකළ  පිහි ඇනුමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි බිරියද මියගොස් ඇතැයි පොලීසිය කියයි.‍

 

මෙසේ මිය ගොස් ඇත්තේ බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩී.එම් ඉරේෂා සඳමාලී (26) නැමති දෙදරු මවයි.

 

එම  සිද්ධිය වූ ඉකුත් 29 දා සැකකරු සිදුකළ පිහිඇනුමකින් නැන්දම්මා නිවසේ මිදුලේදීම මියගොස් තිබිණි. 

 

සැකකරු එදිනම මොනරාගල පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවටගෙන මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.

views

269 Views

Comments

arrow-up