රට රැකියා සිහින පෙන්වා මුදල්වලට විද්ද සැරයන් මාට්ටු

පිටරට යවන බව කියමින් කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 9ක මුදලක් වංචා කළ බව කියනු ලබන නල්ලතන්නිය පොලිසියේ සේවය කරන සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම සැරයන්වරයා නුවරඑළිය පොලිසියේ රාජකාරි සිදුකරද්දී මෙම මුදල් ලබාගෙන ඇති අතර පැමිණිල්ල ලැබීමෙන් පසු විමර්ශන අවසන් වනතුරු ඔහු නල්ලතන්නිය පොලිසියට මෙසේ මාරුකර යවා තිබුණි.
මෙම සිද්ධිය පිළිබඳව ලැබුණු විමර්ශනවල ප්‍රතිඵල අනුව සැරයන්වරයා මෙසේ අත්අඩංගුවට පත් වී ඇත.
187 Views
Comments