BREAKING : විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

BREAKING : විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

BREAKING : විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්ව ගිය බවයි වාර්තා වන්නේ.

 

විශේෂ මාධ්‍ය හමුවේ දී රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස සදහන් කළා.

 

"මම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. ඒ අනුව යමින් නව ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශ සලමින් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළා. මේ බව නිල වශයෙන් මම හෙට ජනාධිපතිතුමාට දැනූම් දෙනවා.

 

අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ මට ප්‍රශංසා වගේම නින්දා අපහාසත් එල්ල වුණා. හොද වගේම නරක අහන්නත් ලැබුණා.

 

මගේ රාජකාරී කටයුතු සඳහා සහාය වුණු සියල්ලන්ටත් කෘතවේදීත්වය පුද කරනවා."

views

1591 Views

Comments

arrow-up