ජයග්‍රහණය විශ්වාසයි; ගෞරවනීය ලෙස භුක්ති විඳින්න - ගෝඨාභය

ජනාධිපතිවරණයේ ජයග්‍රහණය විශ්වාසයි. කිසිදු හිංසනයකින් තොරව ජයග්‍රහණය ගෞරවනීය ලෙස භුක්ති විඳින ලෙස ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ තිස්සමහාරාමයේ පැවති පොදුජන පෙරමුණේ විජයග්‍රහණය තහවුරු කිරීමේ ජන රැළිය අමතමින්.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ස්ථිර බව ප්‍රබල විදේශ රටවල් හතරක බුද්ධි අංශ විසින් තහවුරු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
1081 Views
Comments