නිහඬ මැතිවරණ කාලය තුළ ප්‍රචාරන කටයුතු වල නිරතවන්නන් වීඩියෝ ගතකරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

නිහඬ මැතිවරණ කාලය තුළ ප්‍රචාරන කටයුතු වල නිරතවන්නන් වීඩියෝ ගතකරයි

නිහඬ මැතිවරණ කාලය තුළ ප්‍රචාරන කටයුතු වල නිරතවන්නන් වීඩියෝ ගතකරයි

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ 70 වන වගන්තියේ  ප්‍රතිපාදන අනුව   ජනාධිපති මැතිවරණයට අදාල  සියලු  ප්‍රචාරණ කටයුතු   අද  (13)   මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් වන බවත් මෙම නීති උල්ලංඝනය කර ප්‍රචාරණ කටයුතු වල නිරත වන පිරිස්   වීඩියෝ කර  ඔවුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

 

මේ සඳහා ක්‍රියා කළයුතු  ආකාරය සම්බන්ධයෙන් සියලු පොලිස් නිලධාරීන් දැනුවන් කර ඇති බවත් එවැනි ක්‍රියා  වීඩියෝ ගත කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ප්‍රතිපාදන ද ලබා  දී ඇති බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළා.

 

මෙම නිහඬ කාලය තුළ ප්‍රචාරණ කටයුතු වල නිරත පුද්ගලයන් එම වීඩියෝ  දර්ශන මගින්  හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන  නඩු පැවරීමට කටයුතු  කරන බවද හෙතෙම සඳහන් කළා.

views

624 Views

Comments

arrow-up