නිල නිවාස - නිල වාහන ආපසු නොදුන් හිටපු ඇමැතිවරුන්ට නීති පියවර
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
09

නිල නිවාස - නිල වාහන ආපසු නොදුන් හිටපු ඇමැතිවරුන්ට නීති පියවර

නිල නිවාස - නිල වාහන ආපසු නොදුන් හිටපු ඇමැතිවරුන්ට නීති පියවර

මෙතෙක් නිල නිවාස සහ නිල වාහන භාර නොදුන් පසුගිය රජයේ හිටපු ඇමැතිවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

 

නිල නිවාස සහ නිල වාහන භාරදී ඇත්තේ පාඨලී චම්පික රණවක, ජේ.සී. අලවතුවල, රංජිත් මද්දුම බණ්ඩාර සහ අමීර් අලී සිහාබ්දීන් යන ඇමැතිවරුන් හතරදෙනා පමණක් බවද අමාත්‍යාංශ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි පැවසීය.

 

නියමිත කාල සීමාව තුළදී නිල නිවාස සහ නිල වාහන භාරදීමට නොහැකි නම් ඒ සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කරන ලෙසටද ඇමැතිවරුන්ව දැනුවත් කළ බවත් හෙතෙම සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ලිඛිතව දැනුම් දීමට පියවර ගත් බවද ලේකම්වරයා කීවේය.

 

හිටපු ඇමැතිවරුන් බොහෝ පිරිසක් නිල නිවාස ආපසු භාර නොදීම හේතුවෙන් නව ඇමැතිවරුන්ට නිල නිවාස ලබාදීමට නොහැකි වී ඇති බවත්, මේ තත්ත්වය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති ලේකම්වරයාගෙන්ද උපදෙස් ලබාගත් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

views

971 Views

Comments

arrow-up