විවාහ උත්සව තහනම් නැහැ

විවාහ උත්සව තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන නොමැති බවත්, එවැනි උත්සව පැවැත් වෙන්නේ නම් සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර උපරිම සෞඛ්‍ය නිරෝධායන පියවර ගන්නා ලෙසට ආයාචනය කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එම උත්සව වෙනුවෙන් අවම සංඛ්‍යාවක් සහභාගි කරගන්නා ලෙසටත් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.
පිට්ටනි වල රාත්‍රි කාලයේ පැවැත්වෙන උත්සව හා සංගීත සන්දර්ශන සඳහා අවසර ලබා නොදෙන ලෙසට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී ඇති බවද අජිත් රෝහණ මහතා පැවසීය.
පවතින තත්ත්වය හමුවේ පොලිසියට බඳවාගැනීම්, සම්මුඛ පරීක්ෂණ වැනි නැවත දැනුම් දෙනතුරු කල්දමා ඇති බවද හෙතෙම කීය.
669 Views
Comments