ඡන්ද මධ්‍යස්ථානයක් ඇතුලේ වීඩියෝ කල දෙදෙනෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
02

ඡන්ද මධ්‍යස්ථානයක් ඇතුලේ වීඩියෝ කල දෙදෙනෙකු අත්අඩංගුවට

ඡන්ද මධ්‍යස්ථානයක් ඇතුලේ  වීඩියෝ කල දෙදෙනෙකු අත්අඩංගුවට

කැකිරාව කලාප අධ්‍යාපන කාර්යාලයේ පැවැති තැපැල් ඡන්ද භාවිත කිරීමේ මධ්‍යස්ථානය තුළ ඡායාරූප හා වීඩියෝ ගත කළ බව කියන ගුරුවරුන් දෙදෙනෙකු ඊයේ (01) පස්වරුවේ කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙලෙස සැකපිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් පාසැල් දෙකකට අනියුක්තව කටයුතු කරන ගුරුවරුන් දෙදෙනෙකු වන අතර ඔවුන් අවුරුදු 30 හා 31 යන වයස්වල පසුවන බවයි පොලිසිය සඳහන් කලේ.

 

සැකකරුවන් සිය තැපැල් ඡන්දය භාවිත කිරීමට පැමිණී අවස්ථාවේ එම ඡන්ද මධ්‍යස්ථානය තුළ ඡායාරූප හා වීඩියෝ දර්ශණ ලබා ගෙන ඇති බව පැවැසේ.

 

ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරීන් විසින් කර ඇති පැමිණිල්ලක් අනුව කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකාර ගුරුවරු දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

 


වැඩිදුර විමර්ශණ කටයුතු සදහා සැකකරුවන් සතුව තිබූ ජංගම දුරකතන දෙකක් ද සිය භාරයට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.
සැකකරුවන් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (02) ඉදිරිපත් කිරීමට නියමිත තිබේ.

views

623 Views

Comments

arrow-up