ආදර්ශ ඡන්ද විමසීම් පැවැත්වීම තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

ආදර්ශ ඡන්ද විමසීම් පැවැත්වීම තහනම්

ආදර්ශ ඡන්ද විමසීම් පැවැත්වීම තහනම්

ජනාධිපති අපේක්ෂකයා ගැන, ආදර්ශ ඡන්ද විමසීම් පැවැත්වීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 


පෞද්ගලික ආයතන, උපකාරක පන්ති පවත්වන ස්ථානයන්හි ආදර්ශ ඡන්ද විමසීම් පැවැත්වෙන බවත් ඒවා  සමාජ මාධ්‍ය ඔස්සේ ඒවා සමාජගත කරන බවත් මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පෙන්වාදුන්නේය.

 


මෙම ආදර්ශ ඡන්ද විමසීම් යම් අයෙකුට වරදක් නොමැති බව යම්  හැඟීගියත් ජනපති තෝරාගැනීමේ පනතේ 78 වන වගන්තියේ දැක්වෙන අයුතු බලපෑම යන්නට මෙය අදාළ වෙන බව සභාපතිවරයා පැවසීය.

 


එමෙන්ම යම් ස්ථානයක සේවය කරන පිරිසක් නැතහොත් යම් කිසි උපකාරක පන්තිවල පැමිණෙන සිසුන් සඳහා පවත්වන මෙවැනි ආදර්ශ ඡන්ද විමසීම් වලින් ලැබෙන ප්‍රතිඵලය මුලු දිවයිනටම සාමාන්‍යකරණය කිරීම වැරදී ක්‍රියාවක් බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

 


මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී පවසා සිටියේ ඕනෑම ඡන්ද විමසීම එක්දිනකදී පවත්වා එහි ප්‍රතිඵලය එකවර නිකුත් කරන්නේ එක් ස්ථානයක ප්‍රතිඵලය අනෙක් ස්ථානයට බලනොපාන්න බවයි.

 

මේහේතුවෙන් මෙම පූර්ව ඡන්ද විමසීම් පැවැත්වීමෙන් වළකින ලෙස සියලුම නීතිගරුක යහපත් පුරවැසියන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුටත් පැවසීය.
 

views

654 Views

Comments

arrow-up