පූර්ණ නිර්මාංශ භාවය ගැන ඔබ දන්නවාද?
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

පූර්ණ නිර්මාංශ භාවය ගැන ඔබ දන්නවාද?

පූර්ණ නිර්මාංශ භාවය ගැන ඔබ දන්නවාද?

ආගමික විශ්වාසයන් සත්ව හිංසනයට ඇති අකමැත්ත සහ විවිධ සෞඛ්‍ය හේතූන් නිසා මිනිසුන් සත්ව ආහාර පරිභෝජනයෙන් වැළකී නිර්මාංශ වෙනවා. විවිධ රටවල සිදු කෙරෙන සමීක්ෂණ වලට අනුකූලව සනාථ වෙන්නේ බොහෝ දෙනා මස් මාළු ආහාරයට ගැනීමෙන් වැළකීම හෝ කුකුළු මස් හා මාළු ආහාරයට ගත්තත් රතුමස් ආහාරයට ගැනීමෙන් වැළකී සිටීමේ ප්‍රවණතාවක් වර්තමානයේ ලොව පුරා ඇති වෙමින් පවතින බවයි. නමුත් නිර්මාංශ වීම නිසා යම් යම් පෝෂණ ඌණතා ඇති වන බවට වාර්තා වෙනවා. ඒ නිසාම නිර්මාංශ වීමට කැමැත්තක් දැක්වූවත් බොහෝ දෙනා එයට බිය වෙනවා. ඇත්තටම නිර්මාංශ වීම කියන්නේ මොකක්ද? නිර්මාංශ වීමෙන් පෝෂණ ඌණතා මතු වෙනවාද? මේ ඒ පිළිබඳ සටහනක්.

නිර්මාංශ වීම ආකාර කිහිපයක් යටතේ වර්ග කරන්න පුළුවන්.

Lacto vegetarian
ලැක්ටෝ නිර්මාංශක පිරිස් මස් මාළු බිත්තර වැනි සත්ව ආහාර බැහැර කරන නමුත් චීස් යෝගට් බටර් වගේ කිරි නිෂ්පාදන භාවිතා කරනවා.

Ovo vegetarian
මේ කාණ්ඩය මස් මාළු කිරි ආහාරයෙන් වැලකී සිටින අතර බිත්තර පමණක් ආහාරයට ගන්නවා.

Lacto Ovo vegetarian
මේ පිරිස් මස් මාළු ආහාරයට නොගන්නා අතර කිරි සහ බිත්තර ආහාරයට ගන්නවා.

Vegan
මස් මාළු කිරි නිෂ්පාදන බිත්තර හෝ සත්ව නිෂ්පාදන අඩංගු කිසිදු ආහාරයක් භාවිතයට ගන්නේ නැති පුද්ගලයන් මේ ගණයට වැටෙනවා.

අද වන විට ලොව ලෝක ජනගහනයෙන් සියයට 14ක් පමණම විවිධ හේතූන් මත නිර්මාංශ වීමට පෙළඹී සිටිනවා. විටමින් හා මිනරල් ඌනතා හේතුවෙන් හිසකෙස් යාම නියපොතු ආශිත ගැටලු හිසේ කැක්කුම උදරාබාධ රුධිර ධාරිතාවේ ගැටළු අලස බව මාංශ පේශිවල දුර්වලතා ඇති වෙනවා. ඇතැම් රට වල වැඩ ශාකමය ආහාර තුළ විටමින් හා මිනරල් වැඩි වශයෙන් අඩංගු වෙන්නේ නැහැ. නමුත් දකුණු ආසියාතික රටවල ජීවත්වන අපට මස් මාළු වෙනුවට ආදේශ කළ හැකි පෝෂණීය ශාකමය ආහාර රැසක් සොයාගෙන හැකි වෙනවා.

නිර්මාංශ ආහාර වේලකට හුරු වෙමින් දියවැඩියාව අධි රුධිර පීඩනය කොලෙස්ටරෝල් අම්ල පිත්ත රෝගය ස්නායු රෝග ඇතිවීම අවම කරගත හැකි වෙනවා. මස් මාළු ආහාරයට නොගන්නවා වුණත් ආදේශක ආහාර මඟින් ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ පදාර්ථ ලබා ගන්නවා නම් සත්ව ආහාර නොගැනීම නිසා ඇතිවන ඌනතා මඟහරවා ගැනීමට හැකියාව ලැබෙනවා. කොස් ඇට කියන්නේ ප්‍රෝටීන් බහුලව අඩංගු පහසුවෙන් සොයාගත ආහාරයක්. ඒ වගේම දඹළ මුං ඇට උඳු කව්පි මෑ කඩල බහුල ධාන්‍ය වර්ග පලතුරු එළවළු කොස් වැනි පෝෂණීය ආහාර මුලින් අවශ්‍ය විටමින් ප්‍රෝටීන් ලබා ගැනීමට හැකියාව තියෙනවා. මේ නිසා කෙනෙකු නිර්මාංශ වීම තුළින් පෝෂණ ඌනතාවයන් ගෙන් පෙළීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1053 Views

Comments

arrow-up