රුව වඩන මිහිරි කොහොඹ කොළ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

රුව වඩන මිහිරි කොහොඹ කොළ

රුව වඩන මිහිරි කොහොඹ කොළ

මිහිරි කොහොඹ කොළ ඒ ඉන්දියාවටත් අපටත් ආවේණික වූ කරපිංචා ඉන්දියානුවන් හඳුන්වන නමයි. කොහොඹ තරමටම තරමටම ගුණදායක රුවත් සුවයත් සුරකින කරපිංචා එලෙසින්ම හැඳින්වීම අරුමයක් නම් නොවෙයි. කරපිංචා කිනිති වලින් රස නොවෙන ව්‍යංජනයක් නැති තරම්. කාබෝහයිඩ්‍රේට් තන්තු කැල්සියම් පොස්පරස් යකඩ මැග්නීසියම් තඹ වගේ අත්‍යවශ්‍ය ඛනිජ ලවණ මෙන්ම විටමින් සී විටමින් ඒ විටමින් බී ප්‍රතිඔක්සිකාරක ඇමයිනෝ අම්ලය වැනි නැතිවම බැරි පෝෂක රාශියක් මෙහි අඩංගු වෙනවා.

පර්යේෂණවලින් හෙලිවී ඇති අන්දමට ඩයරියා වළක්වන ගුණයක් කරපිංචා සතු වෙනවා. ඩයරියා ඇතිවිට කරපිංචා කොළ මිටක් සපා බලන්න. නැත්නම් කරපිංචා කොළ යුෂ ස්වල්පයක් පානය කරන්න. එසේම උදර ආන්ත්‍රික රෝග වලටද මෙය ගුණදායකයි. අජිරනයට කරපිංචා කොළ මිටක යුෂ ස්වල්පයක් එක් කර පානය කරන්න. මෙය දියවැඩියාවටත් ප්‍රත්‍යක්ෂ ඔසුවක්.ඉන්දියාවේ මේ පිළිබඳ පර්යේෂණ රැසක් සිදුකර තිබෙනවා.

 


උණ සෙම්ප්‍රතිෂ්‍යාව තරමටම සුලභ රෝග තත්ත්වයක් වූ පිළිකාවට ලියුකේමියාව වැනි රෝග සඳහාත් කරපිංචා ගුණ දෙන බව ජපානයේ පර්යේෂණ වලින් තහවුරු වී තිබෙනවා. ඉතා ඉහල විටමින් ඒ ප්‍රමාණයක් අඩංගු නිසා ඇස් පෙනීම දියුණු කරනවා. අක්මාවේ මේදය සුලබ රෝගී තත්ත්වයක්. අවාසනාවකට මීට ඔසුවක් තවම සොයාගෙන නැත. එහෙත් නිතර කරපිංචා කෑමට ගන්නවා නම් අක්මාව බැක්ටීරියා වෛරස් ආසාදනයන් ගෙන් වළක්වාගත හැකි වෙනවා.

මීට අමතරව රුව සුරකින ගුණයක් කරපිංචා සතු වෙනවා. කෙස් මුල් සවිමත් කිරීමට කරපිංචා කොළ යොදා ගන්නවා. කරපිංචා කොළ වියළා කොටා පොල් තෙල් සමඟ මිශ්‍රකර හිස කෙස් වල ගල්වන්න. කරපිංචා කොළ යුෂ අකලට හිසකෙස් ඉදෙනවාට ගල්වන්න. දිගින් දිගටම කරපිංචා ගැල්වීමෙන් හිසකෙස් වර්ධනය වැඩි කරගත හැකිවෙනවා. හිසේ ඉස්හොරිඇති විට කරපිංචා දළු ස්වල්පයක් අඹරා කිරි ටිකක් එක්කර පල්පයක් සාදාගන්න. හිස් කබලේ ගල්වා මිනිත්තු පහළොවක් විස්සක් තබා සෝදාහරින්න. වියළුණු කරපිංචා පොල්තෙල් හෝ අබතෙල් වල දමා රත් කර පෙරා සිසිල් වන්නට හැරි ඉන්පසු හිස්කබලට ගල්වන්. කුරුලෑ ඇති විට කරපිංචා පල්පයක් සාදා ඊට දෙහි යුෂ එක්කර ආලේප කිරීමත් හොඳ විසදුමක්.

බටහිර වෛද්‍ය විද්‍යාවේ බලවත් හාස්කමක් බවට පත්ව තිබුණු ප්‍රතිජීවක දැන් ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව බවට පත්වතිබෙන නිසා මුළු ලෝකයටම බලවත් තර්ජනයක්වී තිබෙනවා. එහෙත් සොබා දහමේ සොබාදහමේ ප්‍රබල ප්‍රතිජීවකයක් වන කරපිංචා එවැනි කිසිදු අතුරු ආබාධයක් ඇති කරන්නේ නැහැ.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1283 Views

Comments

arrow-up