ඔබේ උදේ ආහාරය මෙතරම් වැදගත් ඇයි?
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

ඔබේ උදේ ආහාරය මෙතරම් වැදගත් ඇයි?

ඔබේ උදේ ආහාරය මෙතරම් වැදගත් ඇයි?

සාමාන්‍යයෙන් අපි කියන්නේ උදේ ආහාරය රජෙක් වගේ ගන්න කියලා කිව්වත් බොහෝ දෙනෙක් මගහරිනම කාරණයක් වන්නේ එයමයි. උදෑසන ආහාරය ලබා ගැනීම අනිවාර්ය වීම පිළිබඳව ලොව පුරා විවිධ පරීක්ෂණ පවත්වා තිබෙනවා.

 

ඒ අනුව නිසි පෝෂණයකින් යුත් උදෑසන ආහාරය ලබාගැනීම කිරීටක ධමනි ආශ්‍රිත රෝගවලින් රෝගවලින් ආරක්ෂා වීමට මඟ සලසන බව සොයා ගෙන තියෙනවා. ජීවිතය ජීවත් කරන්නේ හදවත. හදවතේ ගැස්ම නැවතීම සමග අපේ ජීවිතයම නැවතීම වැලක්විය නොහැකි තත්ත්වයක්. මේ නිසා හදවත ආරක්ෂා කර ගැනීමට නම් උදේ ආහාරය ලබාගැනීම ඉතාම වැදගත් බව ඇමරිකානු එක්සත් ජනපදයේ වෛද්‍ය ලිෂ් චර්චිල් අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා. ඒ අනුව හෘද වස්තුවේ කිරීටක ධමනි ආශ්‍රිත රෝගාබාධයන් ගෙන් ආරක්ෂාව ලැබීමටත් උදේ ආහාරය නිසි පරිදි ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා.
 


එය ඔබව දියවැඩියාවෙන් මුදවා ගන්නවා.දියවැඩියා රෝග තත්ත්වය අද සුලබ රෝගයක්. මේ රෝගය නිහඬ මාරයෙක්. ඒ නිසා මෙයින් ඔබේ ජීවිතය ආරක්ෂා කර ගැනීම ඔබ හිතන තරම් අපහසු නැහැ. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය අංශය මගින් පවත්වනු ලැබූ අධ්‍යනයක් මගින් පෙන්වා දී තිබෙන්නේ උදෑසන ආහාරය මගහැරීම දියවැඩියාවට පාර කියන බවයි. ඔවුන්ගේ මෙම අධ්‍යයනය සඳහා පුද්ගලයන් 48221 තෝරාගෙන තිබූ අතර එම පිරිසෙන් දියවැඩියා රෝගයට පත්ව තිබූ පිරිස උදෑසන ආහාරය පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වන පිරිසක් වීම අනාවරණය කරගෙන තිබෙනවා. ඒ නිසා කිසිවිටෙක උදේ ආහාරය මොනම හේතුවක් නිසාවත් වැළැක්වීම එතරම් සුබදායි නැහැ. සිරුරේ බර මිනිස් ජීවිතයක නිරෝගී පැවැත්ම වෙනුවෙන් ශරීර ස්කන්ධ දර්ශකය යහපත් මට්ටමක පවත්වා ගැනීමට උදේ ආහාරය සඳහා මුල් තැන දෙන්න උත්සහ කරන්න.

උදේ ආහාරය මගහැරීම පිළිකාවට පාර කියයි. අපි සියලු දෙනාම පිළිකාව යන වචනය අසන්නත් බියයි. නමුත් මෙයින් ආරක්ෂා වීම සඳහා අපේ දෛනික ජීවන රටාව හසුරුවා ගත යුතුවෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයක් මඟින් සිදුකරන ලද අධ්‍යනයකට අනුව උදෑසන ආහාරය මගහැරීම මගින් ඇතිවන ශරීර තරබාරු බව පසු කලෙක නොදැනීම පිළිකා වැනි මාරාන්තික රෝග තත්ත්වයන්ට හේතු විය හැකි බව හඳුනාගෙන තියෙනවා. ඒ වගේම උදෑසන ආහාරයට එළවළු වර්ග පරිභෝජනය බොහෝදුරට අඩු නිසා බීටා කැරොටීන් ශරීරයට ලැබීම අඩු වීමත් මෙම තත්වයට හේතුව බව අනාවරණය වී තිබෙනවා. දිනපතා උදෑසන ආහාරය ලබා ගැනීම දරුවන්ගේ මොළය වර්ධනයටත් හේතු වන නිසා පවුලේ හැමෝම උදෑසන ආහාරය අමතක කරන්න එපා.

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

364 Views

Comments

arrow-up