රූපවාහිනී කාමරය සැලසුම් කිරීමට පෙර මේ ගැනත් සිතන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

රූපවාහිනී කාමරය සැලසුම් කිරීමට පෙර මේ ගැනත් සිතන්න

රූපවාහිනී කාමරය සැලසුම් කිරීමට පෙර මේ ගැනත් සිතන්න

බොහොමයක් දෙනාගේ සිතෙහි පවතින සුන්දර සිහිනයකි තමන්ටම කියා සිහින නිවසක් ගොඩනංවා ගැනීම. නොයෙක් වර්ණ ගලපමින් ගෘහභාණ්ඩ එක් කරමින් එම සිහින නිවස හැඩකරන්නට ද බොහෝ දෙනෙක් උත්සාහ දරනු පෙනේ. අතීතයේ මෙන් නොව වර්තමානයේ දී අලුතින් නිර්මාණය වන සිහින නිවසක අනිවාර්යයෙන්ම පවතින අංගයකි රූපවාහිනි කාමරය. විඩාබර දවසකින් අනතුරුව ආදරණීයන් සමග එකට එකතු වී රූපවාහිනිය නරඹන්නට කාමරයක් වෙන්කර ගන්නා විට සැලකිලිමත් විය යුතු යම් යම් කාරණා කිහිපයක් පිළිබඳව පාඨක ඔබව දැනුවත් කරන්නටයි මේ සූදානම.


ඔබ වඩාත් ආලෝකය වැටෙන ස්ථානයක ඔබගේ රූපවාහිනිය සවි කළෝතින් එම අධික ආලෝකය නිසාවෙන් රූපවාහිනිය හරිහැටි නොපෙනෙන්නට ගනීවි. එම නිසාවෙන් තරමක් වැසුණු අඳුරු ස්ථානයක් රූපවාහිනි කාමරයට තෝරාගැනීම වඩාත් උචිත වේ. දවසේ විඩාව සංසිදුවා ගැනීම උදෙසා රූපවාහිනිය කාමරයට පැමිණෙන ඔබට නිදන ඉරියව්වෙන් වැනි ආකාරයකින් රූපවාහිනිය නැරඹීමට අවශ්‍ය නම් සේවාවක් වැනි යමක් රූපවාහිනිය කාමරයට එක්කර ගැනීම වඩාත් ප්‍රායෝගිකව වන අතර කකුල් තබා ගැනීමට අවශ්‍ය නම් බීන් බෑග් කිහිපයක් රූපවාහිනි කාමරයට එක්කර ගැනීම සුදුසු වේ. තවද රූපවාහිනිය කාමරය තුළට පවුලේ සාමාජිකයන් සියලු දෙනාම එක් වන බැවින් එම සියලු දෙනාගෙන්ම සැදුම්ලත් ඡායාරූප එකතුවකින් ද මෙම කාමරය හැඩ වුවානම් තවත් සොඳුරුයි නේද.

 

 

එසේම ඉඩකඩ අනුව විසිතුරු ගෘහ භාණ්ඩ කිහිපයක් වුවත් මෙම ස්ථානයට සැලසුමකට අනුව සවි කිරීමට ඔබට හැකියාවක් පවතී. රූපවාහිනී කාමරය සදහා වර්ණ තෝරා ගැනීමේදී ඔබ විසින් වඩාත් සැලකිලිමත් විය යුතු අතර ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ අඳුරු පැහැති වර්ණයි. එවැනි අඳුරු වර්ණ එක්කර ගැනීම තුළින් දහවල් කාලයේ වුවද පැහැදිලිව රූපවාහිනී දසුන් රසවිඳීමට ඔබට හැකියාවක් ලැබෙන බැවිනි. එමෙන් ම රූපවාහිනී කාමරය සඳහා විදුලි පහන් තෝරාගැනීමේදී උණුසුම් වර්ණයන්ගෙන් යුතු පහන් තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතු අතර ඒවායින් විහිදුවන කහ පැහැති ආලෝකය මද අඳුරක් සහිත වීමද අවශ්‍ය වේ. එමෙන්ම ඔබ රූපවාහිනී කාමරයට පිවිසෙන්නේ රූපවාහිනිය බැලීමට පමණක්ම නොවන බැවින් coffee table එකක් වැනි යමක් ද එක්කර පුවත්පත් සඟරා කිහිපයක් ඒ මත තැබීම ද යම් කෙනෙකුට සිදුකළහැකිවේ. මෙම කාමරය සඳහා අවශ්‍ය තිරරෙදි තෝරාගැනීමේදී ද ඔබ විසින් සැලකිලිමත් විය යුතු අතර මෙම කාමරය තුළ ජනෙල් පිහිටා තිබේනම් ආලෝකය පතිත විය හැකි නිසා රූපවාහිනිය නැරඹීමේ දී අවහිරතා ඇති වන්නට පුළුවනි. එම නිසාවෙන් ඝනකමින් යුතු තිර රෙදි භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.

 

විශේෂයෙන්ම රූපවාහිනී කාමරය සැලසුම් කිරීමේදී එය නිදන කාමර වලින් සහ කාර්යාල කාමර වලින් සහ දරුවන්ගේ කාමර වලින් ඈත් කොට සැලසුම් කිරීම වඩාත් යෝග්‍ය වේ. මක්නිසාද රූපවාහිනියෙ ශබ්දය නිසාවෙන් එම කාමරවල සිදුකරන කාර්යයන්ට බාධා ඇතිවිය හැකි බැවිනි. අනෙකුත් කාමර වලට විවෘත නොවූ අවකාශයක් රූපවාහිනිය කාමරය සඳහා තෝරාගැනීම නුවණට හුරු වේ. ඔබත් ඔබගේ සිහින නිවස ගොඩනැංවීමේදී එයට රූපවාහිනී කාමරයක් එක් කරනවා සේම මෙම කරුණු පිළිබඳව ද අවබෝධයෙන් යුතුව එම කාර්යයට මුල පිරීම වඩාත් ප්‍රායෝගික වූත් සාර්ථක වූත් ක්‍රියාවකි.

 

 

 

 

 

 

 

by Sachini Sorriyarachchi

Photo source : Internet

views

282 Views

Comments

arrow-up