දත්වලට අහිතකර ආහාර පුරුදු
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
30

දත්වලට අහිතකර ආහාර පුරුදු

දත්වලට අහිතකර ආහාර පුරුදු

අප සියල්ලන්ගේම මුඛයේ බැක්ටීරියා ඇත. ඒවා අප ආහාරයට ගන්නා ඇතැම් ආහාරපානවල ඇති සීනි වලින් පෝෂණය වේ. එසේ බැක්ටීරියා මුඛය තුල රැඳුන විට ඔබ ඔබේ දත් හොඳින් පිරිසිදු නොකළහොත්, එම බැක්ටීරියා විසින් , විනිවිද පෙනෙන ඇලෙන සුළු මැලියමක් සාදයි. මෙලෙස මැලියම් සෑදීම සාමාන්‍ය ක්‍රියාවලියක් වන අතර, එය එම ආරම්භක මෘදු තත්වයේදී ඉවත් නොකළහොත් පසුව එම මැලියම්ව ඝන වී ඉවත් කිරීම වඩා අපහසු වේ.  මෙම මැලියම් දත් එනමලයට හානි කළ හැකි අම්ල මුදා හරින අතර බැක්ටීරියාවලට සැඟවීමට ස්ථානයක්ද  සපයයි. මේ සියල්ල කාලයත් සමඟ දත් කුහර වලට මග පාදයි.

 

ඔබට දවසට දෙවරක් දත් මදින්නෙක් විය හැකිය. නමුත් එසේ තිබියදීත්, වෙනත් නුසුදුසු ආහාර පුරුදු හේතුවෙන් ඔබේ දත් වලට හානි සිදු විය හැකි බව ඔබ දන්නවාද?

 

ආහාරවල ඇලෙන සුළු බව වැඩි වන තරමට ඒවා දත්වලට සිදු කරන හානිය වැඩිය. දන්ත වෛද්‍ය විශේෂඥයන් පවසන පරිදි, සීනි වලට දත් නිරාවරණය වී පවතින කාලය දත්වල හානි සඳහා වැදගත් සාධකයකි. ඇලෙන සුළු රසකැවිලි  දතට ඇලී සිටීම හෝ කුඩා කුහරවල සිරවීම නිසා දත දිගු වේලාවක් ඒවාට නිරාවරණය වීම දත් කුහර හා මැලියම් වලට ඍජුවම බලපායි.

 

සීනි සහිත බීම වර්ග අධික ලෙස පානය කිරීමද දත්වලට හානිදායක විය හැකිය. මෙහිදී කෘත්‍රිම පැණි බිම මෙන්ම ස්වභාවික දෙහි යුෂ පානයන් වැනි අධික අම්ල සහිත පානයන්ද මිට ඇතුළත්ය. එවැනි ස්වභාවික පානයන් ශරීරයට ගුණදායි වන නමුත් දත් සඳහා එතරම් හොද බලපෑමක් ඇති නොකරයි. මෙවැනි අම්ලවලට අධිකව නිරාවරණය වීමෙන් දත් එනමලයට හානි විය හැකි අතර එය දත් දිරාපත් වීමටද  හේතු වේ. ස්වභාවික පානයන් විටමින්, ඛනිජ සහ තන්තු ලබා ගැනීමට ඉතා යෝග්‍ය බැවින් ඔබ ඒවා පානයට ගැනීම නැවැත්විය යුතු නැත. අවශ්‍ය වන්නේ ඔබ ඒවා පානයෙන් පසුව මුඛයේ ආම්ලික බව නැති කර ගැනීමයි. නමුත් ආම්ලිකභාවය ඉවත් කිරීම සඳහා එම පානයන් ගත් වහාම දත් මැදීම සුදුසු යයි සමහරෙක් සිතුවත් එය එසේ නොවේ.  දන්ත වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ ආම්ලික පාන පානය කිරීමෙන් පසු, රළු දත් බුරුසු මඟින් දත් මදින විට දත්වලට සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි හානියක් සිදුවිය හැකි හැකි බවයි. එබැවින් සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ පිරිසිදු ජලය මඟින් මුඛයේ ආම්ලික ගතිය උදාසීන කිරීමයි.

 

ඔබේ වටිනා දත් දෙපල ආරක්ෂා කර ගැනීමට දත් මැදීම පමණක් නොව වැරදි ආහාර පුරුදුද අත්හැරීමට අදම උනන්දු වන්න.

views

659 Views

Comments

arrow-up