පාට පාට කෑම කන්න ආස හිතෙනවද?
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
04

පාට පාට කෑම කන්න ආස හිතෙනවද?

පාට පාට කෑම කන්න ආස හිතෙනවද?

මොන දේ වුණත් අපේ දිව වැඩියෙන්ම හොයන්නේ රස. රස කිව්වම ඉතින් ලොකුවටම මතක් වෙන දේ තමයි පැණි රස. ඒ විතරක් නෙවෙයි තව තාක්ෂණික කෑම බීම වර්ග ගොඩක් තියෙනවා දැක්කම අපිට නොකා නොබී ඉන්නම බැරි. එහෙම කියලා ඉතින් ඒ දේවල්ම කෑවොත් බිව්වොත් අපට වෙන්නේ රටේ ලොකේ නැති ලෙඩ ගොඩක් එක්ක ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න. ඒ නිසා අද අපි ඔබට කියන්න යන්නේ රස දේවල් කන්න හිතෙන වෙලාවට රස දේවල් එක්ක ගුණ දේවල් බැලන්ස් කරගන්න පුළුවන් දේවල් ටිකක් ගැන.


රස දේවල් වගේම ගුණ දේවලුත් ලස්සනට හදාගන්න.


නිකමට හිතල බලන්න ඔය අපි රසයි කිය කිය මාර ආසාවෙන් කන බොන ගොඩක් කෑම බීම වර්ග වල තියෙන්නේ දැක්ක ගමන් නොකා ඉන්න බැරි විදිහේ ලස්සනක් ඒ නිසා රස බලන්නත් කලින්ම ඒ කෑම බීම වර්ග වලට අපේ හිත ඇදිලා ගිහින් ඉවරයි. මේ නිසා වෙන්නේ ඒ දේවල් නොකා නොබී ඉන්නම බැරි තත්වයකට අපි පත්වෙන එකයි. හැබැයි ගුණ දේවල් ගොඩක් වෙලාවට අපි පිළියෙල කරගන්නේ ඕනවට එපාවට. ඒ කෑම බීම වර්ග වල කොච්චර ගුණයක් තිබුනත් වෙලාවකට දැක්කත් කන්න එපා වෙනවා. මේ නිසා අපේ ඇස් රවට්ටන රසවත් කෑම බීම තරම් ලස්සනටම ගුණවත් කෑම බීමත් අලුත් විදිහට ලස්සනට හදාගන්න පුළුවන්නම් රස දේවල් එක්ක මොන දේවල් බැලන්ස් කරගන්න එක එච්චර අමාරු දෙයක් නෙවෙයි.
ගුණ දේවල් වෙන විදිහට


හැමදාම එකම කෑම එකම විදිහට කනකොට බොනකොට ටික දවසකින් නිකන්ම එපා වෙලා යනවා. ඒ නිසා එකම වර්ගයේ කෑම බීම උනත් එක එක විදිහට හදාගන්න පුළුවන්නම් රස දේවල් එක්ක ගුණ දේවල් බැලන්ස් කරන්න හරිම ලේසියි. අපිට ශරීරයට ගුණ ආහාර වර්ග අලුත් අලුත් විදියට ඒවායේ ගුණයත් ආරක්ෂා වෙන විදිහට හදාගන්න පුලුවන්නම් රස දේවල් වගේම ගුණ දේවල් කන්න ආසාවක් ඇති කරගන්න පුළුවන්.
හරිම දේවල් තෝරා ගන්න.


අද කාලයේ කොච්චර ගුණයි කියලා කිව්වත් හිතේ විශ්වාසයක් නැතිව කන්න බොන්න පුළුවන් දේවල් තියෙන්නේ බොහොම ටිකයි. එළවළුවක් පළතුරක් ගත්තත් ඒ දේවල් වලට රටේ ලෝකයේ ගහන්න තියෙන ඔක්කොම වස වර්ග ගහලා තියෙන්නේ. වතුර උගුරක් බිව්වත් අද කාලේ නම් විශ්වාසයෙන් බොන්න හරිම අමාරුයි. එ් නිසා ගුණ දේවල් වගේම රස දේවල් තෝරා ගන්න කොට ඒවා කොච්චර සිරුරට සෞඛ්‍යාරක්ෂිත ද කියන කාරණාව ගැන හොඳට හොයලා බලලා තමයි ගන්න ඕනේ.


පුංචි පුංචි බාධක ටිකක් හදාගන්න.


අපි හැමෝම වගේ දන්නා දෙයක් තමයි ඕනෑම දෙයක් ඕනෑවට වඩා පරිභෝජනය කරන එක ශරීරයට අහිතකරයි කියන එක. ඒත් ඉතින් රස කෑමක් දැක්කම අපිට අපිවම පාලනය කරගන්න බැහැ. මේකට කරන්න තියෙන හොඳම දේ තමයි රස කෑම වර්ග කන එක සම්බන්ධව පුංචි පුංචි තහනම් ටිකක් ඔයාට ම පණවා ගන්න එක. කෑම නොකාම ඉන්නවා කියන්නේ ඇත්තටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි ඔබට පුළුවන් ඔබ දවසකට කන බොන ප්‍රමාණය හිතකර විදියට පාලනය කරන්න.


රස දේවල් කන්න අපි කොච්චර ආස වුනත් අපිට හොඳ නිරෝගී ජීවිතයක් ගත කරන්න ඕනෙනම් රස දේවල් එක්ක ගුණ දේවලුත් ශරීරයට හිතකර විදිහට බැලන්ස් කරගන්න වෙනවා. ඒ නිසා මේ අපි කියපු දේවලුත් උදව් කරගෙන ඔබගේම ක්‍රම ටිකක් හදාගෙන නිරෝගිමත් ජීවිතයක් ගත කරන්න රස දේවල් එක්ක ගුණ දේවල් බැලන්ස් කරගන්න.

 

 

 

 

 

 

 

 

views

844 Views

Comments

arrow-up