රන්වීර් - දීපිකා වෙන්වෙයි ? මංගල ඡායාරූපත් ඩිලීට් කරලා ?? - රන්වීර්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයකුත්

"මම ඉතා ආදරය කරන මුදුවලින් එකක් මේ.
එය මගේ බිරිඳ විසින් මට ඉදිරිපත් කරන ලද මගේ මංගල මුද්දයි.
අනෙක ප්ලැටිනම්, විවාහ ගිවිස ගැනීමේ මුද්ද...''
ජනප්‍රිය බොලිවුඩ් නළු රන්වීර් සිං ඉහත ප්‍රකාශය කරලා තිබුණෙ, පසුගියදා මුම්බායි හි ස්වර්ණාභරණ සන්නාමයක් දියත් කිරීමේ උත්සවයකට සහභාගී වූ අවස්ථාවකදී.
අදාළ ජාත්‍යන්තර ස්වර්ණාභරණ සන්නාමයේ ඉන්දියානු මුහුණුවර වන ඔහු, එම උත්සවයේදී හරි ආඩම්බරයෙන් මේ කතාව කියලා තිබුණෙ සිය වම් අත කැමරා දෙසට හරවමින්.
ඔහුගේ මේ ප්‍රකාශයත් එක්ක බොලිවුඩය පුරා විතරක් නෙවෙයි, ලෝකයේම කතාබහට ලක්වුණු එක්තරා ''කට කතාවකට'' උත්තර ලැබිලා.
ඒ, සැප්තැම්බර් මාසයේදී සිය පළමු දරුවා අපේක්ෂාවෙන් ඉන්න රන්වීර් - දීපිකා දෙදෙනාගේ විවාහය, දෙදෙරා ගිහින් බවට පැතිරුණු කතාවට !
මෑතකදී එහෙම කතාවක් පැතිරෙන්න හේතු කාරණා සපයලා තිබුණෙ ඉන්ස්ටග්‍රෑම් හුටපටයක්.
රන්වීර් ඔහුගේ විවාහ මංගල ඡායාරූප ඩිලීට් කරලා !!!
ඔන්න ඕක තමයි පැතිරුණු කතාව.
රන්වීර් 2023 වසරට පෙර ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සියල්ල 'archived' කරලා.
ඒ අනුවයි රන්වීර් - දීපිකා මංගල ඡායාරූපත් පේන්න නැත්තෙ.
කොහොම නමුත් මේ කාරණාව රන්වීර් - දීපිකා යුවළට බොහෝ සෙයින් ලැදි කාගෙත් හිත් රිදීමකටත් හේතු වෙලා.
ඒ ඔවුන්ගේ ඉතාලි විවාහ මංගල්‍යයේ පින්තූර වසර ගණනාවක් තිස්සේ රසිකයින්ගේ ප්‍රියතම ඒවා බවට පත්ව තිබීම.
ඡායාරූප පේන්න නැති වීම ගැන බොහෝදෙනා ප්‍රශ්න කරලා තිබුණෙත් ඒකයි.
රන්වීර්ගේ නවතම ඉන්ස්ටා වීඩියෝව ආලියා භාත් සමඟ පෙනී සිටින වෙළඳ දැන්වීමක්. ඊටත් කමෙන්ට් හැටියට මේ මංගල ඡායාරූප කතාව ඇදිලා ඇවිත් තිබුණා....
529 Views
Comments