“මං ආස නෑ වෙන අය එක්ක මාව සංසන්දනය කරනවට” - ඒෂාන් ඩයස් ඇත්තම කියයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

“මං ආස නෑ වෙන අය එක්ක මාව සංසන්දනය කරනවට” - ඒෂාන් ඩයස් ඇත්තම කියයි (PHOTOS)

“මං ආස නෑ වෙන අය එක්ක මාව සංසන්දනය කරනවට” - ඒෂාන් ඩයස් ඇත්තම කියයි (PHOTOS)

ගෑනු ළමයෙක්ට ලස්සනම සාරිය නැත්නම් ඔසරිය.... අපේ රටේ මුල් බැසගත් එක්තරා මතයක් ඒක.

 

ඒ කොහොම වුණත් ඇඳුමෙන් මනුස්සයෙක් මනින්න බෑ කියලත් කියනවනෙ.

 

ඇඳුම මත තීරණ අරන් ස්ත්‍රී පුරුෂ පාර්ශවයන් වෙන් වෙන්ව හඳුනාගත්තත් අද වන විට පවතින වේශ නිරූපණ කලාව එක්ක, දක්ෂතාවයන් සහ හැකියාවන් එක්ක ''ඇඳුමෙන් බෑ මනුස්සයෙක් මනින්න'' කියන කතාවට සාක්ෂි ඕනෑ තරම්....

 

සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වන ඒෂාන් ඩයස් කියන්නෙත් මේ කතාවට කදිම උදාහරණයක්.

 

ඔහුගේ අනන්‍යතාවය වෙන්නෙ ''සාරිය''

 

 

ඔබ ඔහුව සමාජ මාධ්‍යයේ හොඳින්ම හඳුනනවා නම් සාරි ඇඳගත් චරිතයන්ට ඒෂාන් කොයිතරම් සාධාරණයක් කරනවාද යන්න මනාව පැහැදිලි ඇති.

 

ඉතින් මේ වෙද්දි ඔහුගේ අනන්‍යතාව ''සාරිය'' බවට පත් වී හමාරයි.

 

නිරූපණ කලාවේ විවිධ මානයන් හඹා යන ඒෂාන්ගේ සාරි විලාසිතා විවේචනයට ලක්වන අවස්ථාත් නැතුවාම නෙවෙයි.

 

එහෙම ඔහුට එල්ල වුණු ප්‍රබල විවේචනයක් මේ මොහොත වන විටත් සමාජ මාධ්‍යයේ මාතෘකාවක් බවට පත්වෙලා.

 

ඒ කතාබහට හේතු වුණු සටහන තමයි මේ...

 

 

ඉතින් ඒ සටහනෙහි සඳහන් මතයට ගරු කරමින්, ඒෂාන් ද ප්‍රති උත්තර සටහනක් තබා තිබුණා.

 

''ආදර හරිදු මල්ලි,

ඔබගේ අදහසට මං 100% ගරු කරනවා. නමුත් එකග නෑ. හොදද?

හැම දේකටම දෙපැත්තක් තියෙනවානේ. මල්ලි මල්ලිගේ පැත්ත කිව්වා. මං දැන් කියන්නම් මගේ පැත්ත. ඔයාට නොපෙනෙන පැත්ත.

ඔබ මෙතන කියනවා මම සාරි අදින නිසා විශේෂ සැලකිල්ලක් මම ඉල්ලනවා කියලා. මං ඉල්ලන්නේ, මට හම්බෙන්නේ විශේෂ සැලකිල්ලක් නෙමෙයි මල්ලි, මට ඒ හම්බෙන්නේ මං උපයාගත්තු සැලකිල්ල විතරයි. මොකද මගේ විඩියෝ එකක් හරි බලල stressful දවසක් අවසානයේ හිනා වෙලා නින්දට ගිය එක්කෙනෙක් හරි ඉන්නවා. ඒකයි මං කරපු සමාජ බලපෑම.

මේකත් කියන්නම්... මං විඩියෝ කරන්න ගත්තේ 2016 දි. එදා ඉදලා social media වලින් මට හම්බුනේ මගේ fans ලගේ අදරේ විතරයි. මම කරගෙන ගිය රස්සාව (ගුරු වෘත්තියට) මං තිත තියලා full time social media කරන්න ගත්තේ ඒකෙන් ආදායම් මාර්ගයක් හදාගන්න. අනේ මල්ලිට කියන්න මං පාරේ අඩලා තියෙන වාර ගාන අනන්තයි. මොකද මං audition වලට යනවා, කතා කරන ad වලට යනවා. එකක්වත් දෙන්නේ නෑ. ඇයි මං කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා හොයාගන්න බැල්ලූ. ඒ කාලේ හුගාක් අය මල්ලි ඔයාගේ වගේ අදහස් තිබ්බ අය.

 

 

 

ඉතින් මල්ලි මං මොනාද දන්නවද කලේ? මං තුන් හතර ගුනයක් මහන්සි වෙලා වැඩ කලා. දිවා රෑ නොබලා script ලිව්වා. Shoot කලා. Video එක පිට එක කලා. ඉතින් ඒ නිසා තමයි ඔයාට මගේ content හුගාක් පේනවා ඇත්තේ. එක එක විදියට idea වලින් content කරන්න එපැයි. ඒ නිසා වෙන්නැති මල්ලිට අපි රගනවා වැඩි වගේ පෙන්නේ. මල්ලි ඉතින් social media කියන්නේ රග මඩලක්නේ.

අනික මල්ලි මට ආදරේ කරන හුගාක් අය මාත් එක්ක ඉන්නේ මම සාරි අදින නිසා විතරක්ම නෙමෙයි.

මං හිතන්නේ මගේ talent එකත් නිසා මල්ලි. මල්ලිම පොඩ්ඩක් මගේ YouTube, Facebook, tiktok විඩියෝ බලල කියන්න ලංකාවේ කවුද ගෑනු චරිතම 5 ක් පස් විදියකට රගපාලා, video එකක් කරලා දාන්නේ කියලා? ඒ චරිත පහම පස් විදියකට මංම කරලා, මංම edit කරලා මංම upload කරනවා. අන්න ඒකටයි මල්ලි මගේ පවුල හා සමාන fans ස්ලා මට ආදරේ කරන්නේ. ඒගොල්ලෝ නැත්තම් මං නිකන් නිකමෙක් විතරයි..

මං මේ ලොකු කමකට කියනවා නෙමෙයි. I am proving a point හරිද? ඒත් ඉදලා හිටලා හරි පෙනේ පිප්පුවේ නැත්තම් අපිව දර මිටි බදින්න ගන්නවනේ මල්ලි.

 

 

අනේ මල්ලි තව එකක්. මං ආස නෑ වෙන අය එක්ක මාව සංසන්දනය කරනවට. Brandon අයියා කියන්නේ හරි හිත හොද කොල්ලා. එයා එක්ක මගේ කිසි ආරවුලක් නෑ. නමුත් ඔයා එයාව ඇදලා ගත්තු නිසා මං මේක කියන්නම්. මං දවසක් හරි විඩියෝ කලේ නැත්තම් youtube එකේ අපේ අම්මා, තාත්තා, ආච්චි බඩගින්නේ. අපේ අම්මා, තාත්තා අපිට හොදට කන්න අදින්න දුන්නා. උස් මහත් කලා. හොදට ඉගැන්නුවා. එයාලා එහෙම ලොකු සල්ලි පනම් නම් රැස් කරගත්තේ නෑ.

ඒ නිසා ඒකට thank you එකක් වශයෙන් මම දැන් පවුලේ බර කරට ගත්තා. අනික Social media මගේ රස්සාවනේ. නමුත් අනේ Brandon අයියාගේ අම්මා ලංකාවම දන්න ගායිකාවක්. Brandon අයිය හරි වාසනාවන්තයි ඒ අතින්. priviledged. අපි එහෙම නෑනේ මල්ලි. අපි middle class මිනිස්සු. අනික මල්ලියේ Brandon අයියා social media influencer කෙනෙක්ද හලෝ.

මල්ලියේ... ඔයාට මාව තේරුම්ගන්න බෑ වගේම තමයි මටත් ඔයාව තෙරුම්ගන්න බෑ. මල්ලි මගෙයි, Dem Pasanගෙයි විඩියෝ දැකලා මුලු මහත් සමරිසි ජනතාවක්වම ඒකට ආදේශ කරලා Masculine traits තියෙන කොල්ලාව හොද කරලා feminine traits තියෙන අපිව නරක් කලා නේද? මල්ලි ඔයා හරි සෙක්සිස්ට් මල්ලි. ඔයා හරිම මිසොජිනිස්ටික්. ඒක නම් අනිවා කියන්න ඕනේ..

අනේ මල්ලි මට දැන් shoot එකකට යන්න තියෙනවා. ඒ නිසා මේකත් කියලා නිහඩ වෙන්නම්. මේ ලෝකේ පිරිමි ඉන්නවා, ගෑනු ඉන්නවා, ගෑනු වගේ පිරිමි ඉන්නවා. පිරිමි වගේ ගෑනු ඉන්නවා. මේ ලෝකේහරිම විවිදාකාරයි. ඔයා කැමති උනත් අකමැති උනත් ඒ යථාර්ථය පිලිගන්නම වෙනවා..

බායි..''

 

 

views

4888 Views

Comments

arrow-up