කාගේත් හදවත් සොරාගත්ත ලොව ප්‍රකට ගායිකාව තුන්වන කසාදයටත් තිත තබයි (PHOTOS)

ඒ කාලේ තරුණ හදවත් හොරාගත්ත ගායිකාවක් තමයි බ්‍රිට්නි ස්පියර්ස් කියන්නේ.
හොලිවුඩ් තරු ගොඩ වෙලාවට තමන්ගේ විවාහය ප්‍රසිද්ධිය මැන බලන්න භාවිතා කරනවානේ. ඉතින් බ්‍රිට්නිත් ඒ වගේම තමන්ගේ විවාහය හරහා ප්‍රසිද්ධිය මැන බලපු තරුවක්.
ඇගේ පළමු විවාහය ඉතාමත් කෙටි කාලයකින් කටුගාලා දාපු බ්‍රිට්නි 2004 දී ආපහු විවාහ වුනා. ඒ විවාහයත් අවුරුදු 03 කින් කෙලවර කරපු ඇය 2022 දී ආපහු විවාහ වුණා.
මාස 14 ක තුන්වෙනි විවාහයෙනුත් මේ වෙද්දී 42 හැවිරිදි Grammy සම්මානලාබී තරුව දික්කසාද වෙන්න යනවා කියලයි ආරංචිය.
බ්‍රිට්නි ගේ තුන්වෙනි සැමියා 30 හැවිරිදි නලුවෙක් . සෑම් අස්ගරි නම් ඔහු වෙනත් කානතාවක් සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වගෙන ගිහින්ලු. මේ නිසා බ්‍රිට්නි ස්පියර්ස් ඔහුගෙන් දික්කසාද වෙන්න තීරණය කරලා කියලත් නිල නොවන හොලිවුඩ් වාර්තා කියනවා.
කොහොම වුණත් බ්‍රිට්නි ස්පියර්ස් ඇගේ තුන්වන සැමියාවන සෑම් අස්ගරිගෙන් දික්කසාද වෙන්න ගොනුකරපු ලේඛන කටයුතු සඳහා විනිසුරුවරයා අත්සන් කරනකල් බලාගෙන ඉන්නවා කියලයි ආරංචි වෙන්නේ.
286 Views
Comments