රඟහල අඩ අඳුරේ නොතැබු රටක් ආදරය කරන ආදරණීය කෝරළේ මහත්තයා සැදෑ සමය සතුටින් ගෙවන හැටි (PHOTOS)

දශක ගණනාවක සිට රටක් ආදරය කරන, ගෞරව බහුමානයට පාත්‍ර වූ ප්‍රවීණ කලාකරු විජේරත්න වරකාගොඩ මහතාගේ සුව දුක් විමසීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගියදා ඔහුගේ නිවෙසට ගොස් තිබෙනවා.
ලංකා බැංකුවෙන් ඇරඹෙන ඔහුගේ වෘත්තියමය ජීවිතය, රජයේ ලිපිකරු විභාගයෙන් ලංකාවෙන් ම දෙවැනියා ලෙස සමත් වී රජයේ ලිපිකරුවකු ලෙසත් පසුව 1956 දී පොලිස් පරික්ෂක විභාගයෙන් සමත්ව පොලිස් පරීක්ෂකවරයෙකුව, ඉන්පසුව චිත්‍රපට සංස්ථාවේ, ටවර් රඟහල පදනමේ, කළමනාකරණ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආදී භූමිකාවන් හෙබ වූ දක්ෂ රාජ්‍ය නිලධාරියෙක් වෙනවා.
ගායනයට සේම රංගනයෙන් ද වේදිකාවේ රිදී තීරයේ සහ පුංචි තීරයේ එක ලෙස උපන් හපන් දස්කම් දැක්වූ විජේරත්න වරකාගොඩ ශූරීන් පිළිබඳව අමුතුවෙන් හඳුන්වා දීමට උවමනා නැත.
ඔහු පිළිබඳව නොදන්නා අයෙක් කලාවට ආදරය කරන රසිකයන් අතර සිටිය නොහැකිය.ඒ තරමටම කෝරළේ මහත්තයා ජනප්‍රිය ය.
ශ්‍රී ලාංකේය කලා තෙක සාරු සාර ලෙස අස්වැද්දීමට වෙහෙසුණු සොඳුරු මිනිසානෙණි, අපි ඔබට නිදුක් නීරෝගි චීර ජීවනය ප්‍රාර්ථනා කරන්නෙමු!
5783 Views
Comments