“වින්ඩි කියන්නෙ හොඳ ගතිගුණ තියෙන කෙනෙක්...” - සනුක, වින්ඩි ගැන කියූ කතාව (PHOTOS)

සනුක - වින්ඩි කියන්නෙ මෙරට කලා ක්ෂේත්‍රය තුළ දක්නට ලැබෙන අපූරු එකතුවක්.
දෙන්නත් එක්ක යන සංගීතමය චාරිකාව බලාගෙන ඉන්න තරම් ලස්සන එකක්. ආදරණීය එකක්.
ඒ බව හොඳටම පැහැදිලි වුණා පසුගියදා ඉන්දීය වේදිකාවක සම්මානනීය වුණු "අයියෝ සාමි" ගීත නිර්මාණයත් එක්ක.
අනෙකාව තේරුම් අරන් ,දෙන්නට දෙන්නා හයියක් වෙමින් යන ගමන කොච්චර නම් හැඩද....
ඒ ගැළපීම ඔවුන්ගේ කලාවට ආදරේ කරන රසික සමූහයාටත් හරි සොඳුරු හැඟීමක්.
මේ ,තම ජීවන සහකාරිය කරගන්න වින්ඩිව තෝරාගැනීම ගැන සනුක කියන කතාව.
"මම වින්ඩිට කැමැති වුණේ එයාට කලාකරුවෙක්ගෙ ජීවිතේ ගැන හොඳ අවබෝධයක් තිබුණ නිසයි.
ඒ එයාගෙ අම්ම තාත්තත් කලාකරුවන් වුණ නිසා වෙන්න ඇති.
ගොඩක් දුරට ප්‍රසංගවලට සහභාගිවෙලා අපි එන්නෙ එළිවෙලා.
රෙකෝඩින්වලට ගියත් නියමිත වෙලාවක් කියන්න බෑ.
මට ඒක එයාට අමුතුවෙන් තේරුම්කරල දෙන්න ඕන වුණේ නෑ.
ඒ නිදහස තිබුණොත් තමයි හොඳ නිර්මාණ බිහිවෙන්නෙ.
අපේ අම්ම අපේ තාත්තට ඒ නිදහස දීල තියෙනව මං දැක්කා.
ඒ වගේම වින්ඩිගෙ අම්මත් වින්ඩිගෙ තාත්තට ඒ නිදහස දීල තිබුණා.
ලයිෆ් පාර්ට්නර් කෙනෙක් වුණහම ඒ සහයෝගය තියෙන්න ඕන.
ඒ වගේම වින්ඩි කියන්නෙ හොඳ ගතිගුණ තියෙන ගෑනු ළමයෙක්. ඒ නිසා ගැටලුවක් නැති වෙයි කියල හිතුණා....."
329 Views
Comments