“අද මං මේ ලබන විශාල ගරු බුහුමන් ලබන්නේ ඔයා නිසාමයි” - අකිල එයාගේ ආදරණීය බිරිඳ ගැන කියූ කතාව

අකිල ධනුද්දර මේ දිනවල ඉතාමත් ජනප්‍රිය සිංබාහු සිනමා පටයේ රඟ දක්වන චරිතය නිසා.
සජිත සහ ඔහු රංගනයේ යෙදෙන සිංහබාහු සිනමාපටය මේ දිනවල අතිශය ජනප්‍රියව තිරගත වෙද්දී අකිලට නම් සතුටින් ඉන්න තවත් හේතුවක් තියෙනවා.
ඒකට හේතුව එයාගේ පුංචි පවුල.
දරුවන් දෙදෙනත් එක්කත් එමී එක්කත් ගෙවන ජීවිතය ඔහුට මහමෙරක්.
ඉතින් කලා කටයුතු මේ හැමදේම සමබරව ගෙනියන්න එයාගේ ආදරණීය බිරිඳ ලබා දෙන සහයෝගය ගැන ඔහු අපූරූ සටහනක් තබා තිබුණා.
මේ ඒ සටහන.බලන්න අකිල කියන්නේ මොන තරම් නම් ආදරණීය සැමියෙක්ද කියලා.
‘රැකවරණය’ කිව්වාම ඒක දැනෙන්නෙම පුරුෂයාට උරුම වගකීමක් වගේ.
ඒත් ඒක එහෙම නෑ.
උවමනාම වෙලාව තෝරගෙන නොදැනෙන්න අදරේ “රැකවරණය” ලබාදෙන බිරිඳක් ලැබීම දවසක මගේ දියුණුවේ රහස වෙනවාමයි.
අද මං මේ ලබන විශාල ගරු බුහුමන් ලබන්නේ ඔයා නිසාමයි.
පහුගිය අඳුරු අවුරුදු දෙක හරි විශේෂයි.
ආදරෙයි මැණික මම මේ ණය ගෙවනවා පොලියත් එක්ක
869 Views
Comments