ක්‍රිකට්ලෝලීන්ගේ නෙතට කඳුලක් එක් කරමින් මෙලොව හැර ගිය හිටපු සුපිරි දඟ පන්දු යවන්නා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

ක්‍රිකට්ලෝලීන්ගේ නෙතට කඳුලක් එක් කරමින් මෙලොව හැර ගිය හිටපු සුපිරි දඟ පන්දු යවන්නා

ක්‍රිකට්ලෝලීන්ගේ නෙතට කඳුලක් එක් කරමින් මෙලොව හැර ගිය හිටපු සුපිරි දඟ පන්දු යවන්නා

මේ කියන්න යන්නේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයකුගේ අභාවයක් ගැන.

 

එංගලන්ත ටෙස්ට් ඉතිහාසයේ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන ඩෙරෙක් අන්ඩර්වුඩ් වයස අවුරුදු 78 දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

 

1966 සහ 1982 අතර ටෙස්ට් තරග 86කදී කඩුලු 297කට හිමිකම් කියූ අන්ඩර්වුඩ්, ඔහුගේ සම්පූර්ණ පළමු පෙළ ක්‍රිකට් දිවිය කෙන්ට්හිදී ආරම්භ කළ අතර, ඔහු වයස අවුරුදු 17දී ජාතික කණ්ඩායමට පිවිසිමට අවස්ථාව හිමිකරගත් ක්‍රීඩකයෙක්.

 

දශක තුනක් පුරාවට තරග 900කට අධික ප්‍රමාණයකට ක්‍රීඩා කළ ඔහු, 1963-1987 දක්වා කඩුලු 2,523ක් ලබා ගෙන තිබෙන්නේ සාමාන්‍ය 19.04ක් ලෙස තබාගෙනයි.

 

කණ්ඩායමේ සගයන් විසින් "Deadly" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ, ඔහු ක්‍රිකට් ලෝකයේ සදාතනික පුරාවෘතයන් ලෙස නම් කෙරෙන ICC හෝල් ඔෆ් ෆේම් වෙත ද ඇතුළත් වූයේ ලෝක ක්‍රිකට් ඉතිහාසය නොමැකෙන මතකයන් තැබූ දක්ෂ ක්‍රීඩකයෙක් වීම හේතුකරගෙනයි.

 

ICC පිරිමි ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව, අන්ඩර්වුඩ් 1969 සැප්තැම්බර් සිට 1973 අගෝස්තු දක්වා ලොව අංක 1 පන්දු යවන්නා ලෙසද ශ්‍රේණිගත කිරීම්වල නම් කර තිබුණා.

 

views

267 Views

Comments

arrow-up