ගැබිණි අම්මාට මගී බෝට්ටුව තිඹිරිගෙයක් වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

ගැබිණි අම්මාට මගී බෝට්ටුව තිඹිරිගෙයක් වූ හැටි

ගැබිණි අම්මාට මගී බෝට්ටුව තිඹිරිගෙයක් වූ හැටි

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වාර්තා වෙයි.

 

පසුගිය 17 වනදා මෙම සිදුවීම සිදුව ඇති අතර අදාල ගැබිනි මව ප්‍රසව වේදනාව හේතුවෙන් නාගදීප මූලික රෝහලට ඇතුලත් වීමෙන් පසුව එහි වෛද්‍යවරුන් ගැබිනි මව යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යා යුතු බවට දැනුම් දී ඇත.

 

නාගදීපය සිට යාපනය ශික්ෂණ රෝහලට යාමට නම් නාගදීපය ජැටියේ සිට මුහුදු මාර්ගයෙන් කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා ගමන් යාපනය ශික්ෂණ රෝහලට යා යුතු වෙයි. එම අවස්ථාවේ දී ගිලන් වූ පුද්ගලයින් ප්‍රවාහනය කරනු ලබන ගිලන් මුහුදු යාත්‍රාව නොමැති වූ හෙයින් නාගදීපය වන්දනා කිරීම සඳහා යාත්‍රා කරනු ලබන මගී යාත්‍රාවක් වෙතට අදාල ගැබිනි මව ඇතුලත් කොට කූරිකඩ්ඩුවාන් ජැටිය වෙතට ගමන් කිරීමට පියවර ගෙන ඇත.‍

 

එහිදී ගැබිනි මාතාවට ප්‍රසව වේදනාව ඇතිව දරුවා ප්‍රසූත කිරීමට අවශ්‍ය බව පැවසීමේදී මගී යාත්‍රාවේ සිටි පිරිමි පුද්ගලයින් සියල්ල උඩුමහලට යවා කාන්තාවන් සියල්ල යාත්‍රාවේ යටි මහලේ සිට එම මවට දරුවා ප්‍රසූත කිරීමට සහය ලබාදීමෙන් පසුව දරුවා ප්‍රසූත කොට ඇත.

 

අනතුරුව බිළිඳා සමග මව කූරිකඩ්ඩුවාන ජැටිය වෙතට රැගෙන විත් ගිලන්රථයක් සමගින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති අතර මේ වන විට අදාළ දරුවා සහ මව යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවට ද යාපනය රෝහලේ වෛද්‍යවරුන් පවසා සිටියහ.

views

95 Views

Comments

arrow-up