“අපි දෙන්නා එක පවුලේ දෙන්නෙක් වගේ එකට හිටියේ, උඹ මචන් මාව දාලා ගියා... මමත් උඹව හොයාගෙන එනවා” - සංවේදී වූ මර්වින්

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද(19) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කල්‍යාන මිතුරෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා ද පැමිණ සිටියා.
ඉන් අනතුරුව සිය සගයා පිළිබදව ඔහු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
"අපි දෙන්නා එක පවුලේ දෙන්නෙක් වගේ එකට හිටියේ. මං තනි කරලා මෙයා ගියා. මට කියන්න
තියෙන්නේ, පාලිත අපි ලොකු වැඩක් කරන්න කතා කරගෙන හිටියේ. කොත්තුව 1900ට විකුණපු එකාගේ කණ අතගාන්න යන්න. උඹ මචන් මාව දාලා ගියා. මමත් ළඟදී උඹව හොයාගෙන එනවා. එතකම් කොහෙවත් නවාතැන් ගන්නේ නැතිව, පාවෙමින් මේ භවයේ ඉන්න. උඹ පරක්කු වැඩි නම් කියපන් මාරයාට මර්වින් සිල්වා ව ඉක්මනින් ගෙනත් දෙන්න කියලා. අපි දෙන්නා විතරයි සොහොන් කොත් දෙකක් හදලා තියෙන්නේ. එකක් මම කනත්තේ. එකක් මෙතුමාගේ වත්තේ."
401 Views
Comments