ගෝඨාභය අත්අඩංගුවට ගනීවි යැයි දුකෙන් පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි නසා ගනී - මැරෙන්න කලින් ලියුමකුත් ලියලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
27

ගෝඨාභය අත්අඩංගුවට ගනීවි යැයි දුකෙන් පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි නසා ගනී - මැරෙන්න කලින් ලියුමකුත් ලියලා

ගෝඨාභය අත්අඩංගුවට ගනීවි යැයි දුකෙන් පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි නසා ගනී - මැරෙන්න කලින් ලියුමකුත් ලියලා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවී යාම සහ ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පැතිරයන කතා අසා පුද්ගලයෙකු වත්තල හුණුපිටිය ප්‍රදේශයේදී දුම්රියට පැන සියදිවි නසාගෙන තිබේ. 

 

පසුගිය 25 වැනිදා මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ කිරිබත්ගොඩ මායා මාවත ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි වේවැල්දෙණිය පතිරැන්නැහැලාගේ ආරියදාස නමැත්තෙකි.

 

ඉකුත් 25 වැනිදා දහවල් 12.45ට පමණ කොළඹ මීරිගම මන්දගාමී දුම්රියට පැන මෙම පුද්ගලයා මෙසේ දිවි නසාගෙන ඇත.

 

හදිසි මරණ පරීක්ෂක හමුවේ මියගිය පුද්ගලයාගේ දියණිය ප්‍රකාශයක් ලබාදෙමින් දිවිනසා ගැනීමට පෙර තම පියා විසින් ලියන ලද ලිපියක්ද ඉදිරිපත් කර තිබේ.

 

මියගිය පුද්ගලයා එම ලිපියෙන් පවසා ඇත්තේ කිසිදු ස්වාමීන් වහන්සේ නමක් තමාගේ අවසන් කටයුතුවලට සහභාගිකර නොගන්නා ලෙසයි. 

 

එසේම විශ්වවිද්‍යාලයට යන චීවරධාරීන් නිවසට වද්දා නොගන්නා ලෙසත් එම ලිපියේ පවසා තිබේ.

 

තමාගේ අවසන් කටයුතු රජයේ වියදමින් කරන ලෙසට නියෝගයක් ලබාදෙන්නැයි ගරු අධිකරණයෙන් ඉල්ලා ඇති අතර දියණියගේ ප්‍රකාශ සටහන් කර ගැනීමේදී ඇය පවසා ඇත්තේ සිය පියා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව යාම සම්බන්ධයෙන් දැඩි දුකින් කාලය ගත කළ බවයි.

 

එසේම විදෙස් රටකදී හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන බවට පළවන පුවත් සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස කම්පා වී සිට ඇති බවත් දියණිය පවසා තිබේ.

 

පියා සියදිවි හානිකර ගැනීම ගැන කිසිදු සැකයක් නොමැති බවද දියණිය පවසා ඇත.

 

views

257 Views

Comments

arrow-up