පෙට්‍රල් කියා රැවටී සීයාගේ මුත්‍රා භාජනය සොරාගෙන
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

පෙට්‍රල් කියා රැවටී සීයාගේ මුත්‍රා භාජනය සොරාගෙන

පෙට්‍රල් කියා රැවටී සීයාගේ මුත්‍රා භාජනය සොරාගෙන

වියපත් තැනැත්තෙකු බඳුනකට බැහැර කරන ලද මූත්‍රා තොගයක් වෙනත් අයෙකු පෙට්‍රල් යැයි සිතා සොරාගත් පුවතක් ගල්නෑව, කහල්ල, පල්ලේකැලේ රක්ෂිත සීමාව අසල ගමකින් වාර්තා වේ.


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


නිවසේ යාමට ඒමට නොහැකි වියපත් අයෙකි. රාත්‍රි නින්දට යන අවස්ථාවේදී නිතර මූත්‍රා කිරීමට එළියට යන නිසාත්, වියපත් බැවින් යාමට අපහසු නිසාත් තම දරුවන් ඔහුට කාමරයේ සිට මූත්‍රා කිරීමට භාජනයක් ලබාදි තිබුණි.


එසේ මූත්‍රා කරන බඳුන දරු මුණුපුරන් විසින් උදේට ඉවත් කිරීමට කටයුතු කරනු ලැබේ.


ඔහුගේ දියණියක් පසුගියදා උදෑසන එම බඳුන ඉවත් කිරීමට තැත් කළත්, පාරේ යන පිරිසක් දැක එකී බඳුන ඉස්තෝප්පුවේ කොනක තැබුවේ පසුව ඉවත් කිරීමටයි.


ඇය වෙනත් ගමනක් පිටත්ව ගියේ එම බඳුන එම ස්ථානයේ තිබියදීමය.


නිවසින් බැහැරව බසයක් එනතුරා මඟ රැඳී සිටි ඇයට මූත්‍රා බඳුන සිහිපත් වුණේ ඒ අතරවාරයේය.


එම ස්ථානයේ සෙනඟ සිටි නිසා ඒ බවක් නොකියා තම පුතු අමතා එය ව්‍යාංගාර්ථයෙන් විස්තර කළාය.


“පුතේ සීයගෙ පෙට්‍රල් භාජනේ ඉස්තෝප්පුවේ මුල්ලක තියෙනවා. බල්ලෙක් ඇවිත් පෙරළුවොත් අපරාදේ. ඊට කලින් ඉවත් කරන්න ” යැයි කීවාය.


අම්මා පැවසූ දේ පුතු තේරුම් ගත්තේය. ඒ වනවිට නිවසින් බැහැරව සිටි පුතු නිවසට ගොස් එය ඉවත් කරන බව කීවේය.


එහෙත් ඔහු නිවසට ගොස් බලනවිට මූත්‍රා සහිත ප්ලාස්ටික් භාජනය එහි නොතිබුණි.


ඒ ගැන සොයා බැලීමේදී අම්මා පුතු අමතා පණිවිඩය දෙන ස්ථානයේ සිටි අයෙකු පෙට්‍රරල් ගැනීම සඳහා පැමිණ ඇති බවටත්, බෙහෙත් බොන නිසා සීයාගේ පෙට්‍රරල් පාටට තිබූ මූත්‍රා ටික දැඩි වෙහෙසක් දරා පැමිණි තැනැත්තා කිසිදු සැකයකින් තොරව රැගෙන ගොස් ඇති බවටත්  අනාවරණය විය.

views

227 Views

Comments

arrow-up