සැමියාගේ ආදරය ටෙස්ට් කරන්න බිරිඳ යෙදූ උපාය - අවසානයේ බිරිඳ අමුතු විදියේ වන්දියක් ගෙවයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

සැමියාගේ ආදරය ටෙස්ට් කරන්න බිරිඳ යෙදූ උපාය - අවසානයේ බිරිඳ අමුතු විදියේ වන්දියක් ගෙවයි

සැමියාගේ ආදරය ටෙස්ට් කරන්න බිරිඳ යෙදූ උපාය - අවසානයේ බිරිඳ අමුතු විදියේ වන්දියක් ගෙවයි

සැමියා තමාට කෙසේ ආදරය කරනවා දැයි පරීක්ෂා කිරීමට ගිය බිරිඳකගේ මුදලකට තට්ටු වූ පුවතක් කුරුණෑගලට නුදුරු ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.


පෙම් සබඳතාවකින් විවාහ වූ යුවළක් වූ අතර ඔවුන්ට අධ්‍යාපනය නිමවූ දුවෙක් හා පුතෙක්ද සිටිති.

 

දරුවන් රැකියාවල නියැළී සිටින හේතුවෙන් යුවළ පමණක් නිවසේ රැඳී සිටි අතර වියපත් වුවත් ඔවුන් දෙදෙනා ඉතා ලෙන්ගතුව වාසය කරති.


දිනක් සැමියා නිවසින් බැහැරව යාබද ගෙදරකට ගියේය. 

 

එසේ යන්නේ ඇයි ද කියා බිරිය දැන නොසිටියාය. රාත්‍රිය උදා වුණත් සැමියා පැමිණියේ නැත. ඔහුගේ දුරකතනයද විසන්ධි වී තිබිණි.


එහෙත් ඔහු නැවතී සිටින නිවෙස් හිමියාගේ දුරකතන අංකය ඇය සතුව තිබුණාය. ඇය එන්නට පමාවූ සැමියා ගෙන්වා ගැනීමට උපක්‍රමයක් යෙදුවාය. 


“අනේ මල්ලී මට කුස්සියේදී ක්ලාන්තයක් හැදිලා වැටුණා. හුස්ම ගන්නත් ටිකක් අමාරුයි. මට ඉස්පිරිතාලෙ යන්න ඕනෑ.”


ඒ වනවිට සැමියා ඇතුළු පිරිස මත්පැන් තොළ ගාමින් සිටි අතර සිද්ධිය දැනගත් ඔවුහු මත් වතුර හා බයිට් වර්ග එතැනම දමා එම නිවසට ආහ. එය ඇසූ එම නිවැසියෝ හා අවට වැසියෝද ඔහු පසුපස දුවන්නට විය.


කලබලයෙන් නිවසට ගිය අයට බිරියගේ බොරුව දැක ගැනීමට හැකිවීමෙන් පසු පැමිණි පිරිස එතැනින් ආපසු මත් තොළ ගෑමට ගියත් එහි සිටි බල්ලන් අරක්කු බෝතල් පෙරළා දමා බයිට් වර්ග සියල්ලත් කා දමා තිබුණි.


අවසානයේ රැස්ව සිටි පිරිස් එහි සිටි තැනැත්තාට තම බිරිය කළ විහිළුව නිසා සිදුවූ හානිය ගැන දොස් නගන්නට විය.


ඉන් ලැජ්ජාවට පත් සැමියා බිරිය සොයා ගොස් ඇය සමඟ අඬදබරවී මුදල් ඉල්ලාගෙන නික්ම ගොස් මැදියම් රැයේ තැබෑරුමත් වසා තිබූ නිසා වැඩි මුදලට අරක්කු බෝතල් හා බයිට් වර්ග සොයා ගෙනැවිත් දුන්නාලු. 

views

455 Views

Comments

arrow-up