“මුදල් අරන් ගොඩක් දෙනෙක් කරන්නෙ බොරුව...” - රූ රැජිණ තරඟාවලි ගැන පුෂ්පිකා කියූ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

“මුදල් අරන් ගොඩක් දෙනෙක් කරන්නෙ බොරුව...” - රූ රැජිණ තරඟාවලි ගැන පුෂ්පිකා කියූ කතාව

“මුදල් අරන් ගොඩක් දෙනෙක් කරන්නෙ බොරුව...” - රූ රැජිණ තරඟාවලි ගැන පුෂ්පිකා කියූ කතාව

පහුගිය කාලේ වඩාත් කතාබහට ලක්වුණු ජනප්‍රිය නිරූපණ ශිල්පිනි, පුෂ්පිකා ද සිල්වා මේ වන විට ව්‍යාපාරික කාන්තාවක්.

 

රූ රැජින තරගාවලි නිසාවෙන් එකල නිතර කියවුණු ඇගේ නම දැන් කතාබහට ලක්වන්නේ ඇයගේ ව්‍යාපාරත් එක්ක.

 

ඒ වගේම තමයි රූ රැජින තරගාවලි එක්ක රට නියෝජනය කළ ඈ මේ වන විට නිරූපණ කටයුතුවලින් මදක් ඈත්වෙලා වගේ.

 

ඒ ගැන ඇය පහුගිය දවසක මේ විදියට අදහස් දක්වලා තිබුණා.

 

''මම මේ වන විට රූ රැජන තරගවලින් සිව් වතාවක් මගේ රට නියෝජනය කරල තියෙනව.

ඒවායින් ලොකු ජයග්‍රහණ අත්කරගෙන තියෙනව.

නමුත් විවාහ වෙලා දරුවා ලැබුණාට පස්සෙ මිසිස් වර්ල්ඩ් තරගයේ අවසන් සය දෙනා අතරට තේරීපත් වුණා.

ඒ තරගය හරහා මුළු ලෝකයම මට ආදරය කරන්න, ප්‍රශංසා කරන්න පටන්ගත්තා.

ඇත්තම කිව්වොත් ඒ ආශීර්වාදය නිසා තමයි මම අද මෙතැන ඉන්නෙ.

ඉතිං මම හිතනව දැන් තියෙන්නෙ අලුතින් මේ ක්‍ෂේත්‍රයට එන තරුණ තරුණියන්ගෙ කාලය.

අපි සීනියර්ස්ල හැටියට අපේ අත්දැකීම් ඔවුන් සමග බෙදාගෙන, අපිට කරගන්න බැරි වුණ දෙයක් ඔවුන්ට හරි විදිහට කරගන්න උපදෙස් දීල නිසි මගට ඒ අයව යොමු කරන එක තමයි අපේ වගකීම.''

 

''දැනටත් රූ රැජින තරගාවලි ගොඩක් පැවැත්වෙනව.

නමුත් අපි මේ තරගවලට ඉදිරිපත්වෙන කාලෙ ලොකු ගරුත්වයක්, තත්ත්වයක්, ප්‍රමිතියක් කියල දෙයක් තිබුණා.

නමුත් දැන් පැවැත්වෙන තරගවලදි ඒ තරගකරුවන් ගැනවත් හිතන්නෙ නැහැ.

ඒ කරන කැපකිරීම්වලට, පුහුණුවීම්වලට වගේම අඩුම තරමින් ජයග්‍රහණය කරන කෙනකුට ත්‍යාගයක්වත් දෙන්නෙ නැහැ.

තරගාවලි පවත්වන්න කියල අනුග්‍රාහකයන්ගෙන් මුදල් අරන් ගොඩක් දෙනෙක් කරන්නෙ බොරුව.

මේ නිසා තරගකරුවන් දැනගන්න ඕන තරගයට සහභාගී වෙන්න කලින් මේ තරගාවලිවල ඉතිහාසය ගැන හොයල බලන්න, සංවිධායකයන් ගැන හොයල බලන්න, තමන්ට මේ දෙයින් අත්වන දෙයක් තියෙනවද කියල හොයල බලන්න.

මේ දේවල් හරියට හොයල බලල දෙමවුපියනුත් දැනුවත් කරල මෙවැනි තරගවලට සහභාගි වෙනව නම් හොඳයි.''

 

උපුටාගැනීම් 'මීවිත'

views

704 Views

Comments

arrow-up