හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළ හිමි චාලට් කුමරියට දැන් වයස අවුරුදු 9යි - මව නිල ඡායාරූපය නිකුත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළ හිමි චාලට් කුමරියට දැන් වයස අවුරුදු 9යි - මව නිල ඡායාරූපය නිකුත් කරයි

හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළ හිමි චාලට් කුමරියට දැන් වයස අවුරුදු 9යි - මව නිල ඡායාරූපය නිකුත් කරයි

බ්‍රිතාන‍යයේ කිරුළ හිමි චාලට් කුමරියගේ නවවන උපන්දිනය නිමිත්තෙන් ඇගේ මව කැතරින් කුමරිය විසින් ගන්නා ලද ඇගේ නව රූපයක් නිකුත් කර තිබෙනවා.

 

වේල්ස් කුමරු සහ කුමරිය සිය බාලම දරුවා වන ලුවී කුමරුගේ හයවන උපන්දිනය වෙනුවෙන් සතියකට පෙර සිදු කළ ආකාරයටම මෙම ඡායාරූපය අද සමාජ මාධ්‍යවල බෙදා ගත්තා.

 

කැතරින් කුමරිය පිළිකා ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇය පසුගියදා තම රාජකීය රාජකාරියෙන් ඉවත්වන බවයි නිවේදනය කළේ.

 

බ්‍රිතාන්‍ය සිංහාසනයට තුන්වෙනුවට උරුමකම් කියන තම දියණිය චාලට් එහි භාරකාරයාවන තම වැඩිමල් පුත් ජෝර්ජ් කුමරු හා සසඳන විට වඩා දගකාර දරුවෙක් ලෙසයි කේට් කුමරිය විස්තර කර ඇත්තේ.

 

පසුගිය දින කිහිපයේ වින්ඩ්සර්හිදී, කැතරින් කුමරිය විසින් මෙම ඡායාරූපය රූපගත කර ඇති බවත් කෙන්සිංටන් මාලිගය පවසා තිබෙනවා.

views

896 Views

Comments

arrow-up