“තමන්ගේ ජිවිත ගැන පොඩ්ඩක් හොයලා බලන්න අපිට නම් කාගෙවත් දේවල් වැඩක්ම නෑ” - කැළඹූණු බුකී වාසීන්ට හිමායාගෙන් සැර උත්තරයක් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

“තමන්ගේ ජිවිත ගැන පොඩ්ඩක් හොයලා බලන්න අපිට නම් කාගෙවත් දේවල් වැඩක්ම නෑ” - කැළඹූණු බුකී වාසීන්ට හිමායාගෙන් සැර උත්තරයක් (PHOTOS)

“තමන්ගේ ජිවිත ගැන පොඩ්ඩක් හොයලා බලන්න අපිට නම් කාගෙවත් දේවල් වැඩක්ම නෑ” - කැළඹූණු බුකී වාසීන්ට හිමායාගෙන් සැර උත්තරයක්  (PHOTOS)

චමරි අතපත්තු ගැන කෙරෙන 'ආඩම්බරකාර' කතාබහ, තවම නිමවෙලා නෑ.

 

ඒ විදියට ඇය ගැන කතා නොකරන කෙනෙකුත් නැති තරම්.

 

රටක් දිනවන ඇය ගැන සමාජ මාධ්‍යයේ ලියවෙන බොහෝ සටහන් අතරෙ, ජනප්‍රිය රංගන ශිල්පිනි හිමායා බණ්ඩාර සිය ෆේස්බුක් ගිණුමට චමරි සම්බන්ධයෙන් එක්කාසු කරන සටහන්වලට කාගෙත් වැඩි අවධානයක් යොමුවෙලා.

 

ඒ, තරමක විවේචනාත්මක ප්‍රතිචාර සහිතව කිව්වොත් හරි.

 

 

සරලවම කිව්වොත් හිමායා කියන්නෙ 'ක්‍රිකට් පිස්සියක්'

 

ඈගෙන් මඟෑරෙන ක්‍රිකට් මැච් එකක් නැති තරම්. සමාජ මාධ්‍යයේ ඇය වඩාත් සක්‍රීය වන්නේත් ක්‍රිකට් උණුසුම වැඩි කාලෙට.

 

ඉතින් ඔය විදියට මෙරට කාන්තා ක්‍රිකට් ගැනත් චමරි අතපත්තු ගැනත් හිමායා තබන සටහන්වලදි, හුවමාරු කරන පෝස්ට්වලදි ඊට ලැබෙන ප්‍රතිචාර තරමක විවේචනාත්මකයි.

 

ඇය පළකළ මේ පෝස්ටුවටත් ඒ විදියට ප්‍රතිචාර ලැබී තිබෙනු දැකිය හැකි වුණා.

 

 

 

ඒ අතර ධනාත්මක ප්‍රතිචාර ද නැතුවාම නෙවෙයි.

 

 

කොහොම නමුත් තමන්ට වැටෙන විවේචනාත්මක කමෙන්ට්වලට පෙරළා උත්තර දෙන්නත් දෙවරක් නොහිතන කෙනෙකි හිමායා.

 

මෙන්න මේ සටහනත් අපේ ඇස ගැටුණේ ඒ විදියට.

 

''මම දන්නේ නෑ ඇයි පිරිම්ම මෙහෙම කියලා

මට මේ කිසිම කමෙන්ට් එකකට කිසිම තරහක් දුක්ක එන්නේ නෑ

මේ පේජ් එක පාලනය කරන්නේ මම විතරක්ම නෙමෙයි තවත් චරිත දෙකක් ඉන්නවා

ඒ අතර ඔයාලා ආදරය කරන චරිත දෙකකුත් ඉන්නවා

ඉතිං අපි හැමෝම මේ කමෙන්ට්ස් දකිනවා ඒවට අපි හිනා වෙනවා…

නමුත් පිරිමියා කියන චරිතය මෙතරම් පල්ලෙහාට වැටුන එක නම් දුකක්

අපි ලස්සනට අපේ ගමන යනවා…

අපිට කතා කියන මිනිස්සු ගමන් යනවද නොයෙන ගමන් යනවද කියලා අපි දන්නේ නෑ

ඉතිං මැරෙන මිනිසුනේ තවත් කෙනෙක් ඉන්නේ කා එක්කද මොකද කරන්නේ කියලා හොයන්න කලින්,

තමන්ගේ ජිවිත ගැන පොඩ්ඩක් හොයලා බලන්න අපිට නම් කාගෙවත් දේවල් වැඩක්ම නෑ…

නමුත් අපි නිසා හිත් වචන සිතුවිලි කිලිටි කර ගන්න එපා…

මම පරිසරයට , සත්තුන්ට හරිම ආදරෙයි නමුත් මේ මින්ස්සු කියන ජාතියට මම හරි බයයි…

නමුත් ඔබගේ මනුස්සත්වයට මම හරි ආදරෙයි ගරු කරනවා ඒ ගරුත්වය ලබෙන්නෙක් නම් ඔබ ඔබට සදා ජය''

 

views

359 Views

Comments

arrow-up