20-20 ක්‍රිකට් ලෝක කුසලානයට ධාවන ශූර උසේන් බෝල්ට් එක්වෙලා

20-20 ලෝක කුසලානය ආරම්භ වීමට තිබෙන්නේ තවත් සීමිත කාල සීමාවක් පමණයි.
මෙවර ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමද මේ වනවිටත් සූදානම් වෙමින් පවතිනවා.
මෙවර 20-20 ලෝක කුසලානය පැවැත් වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සහ අමෙරිකා එක්සත් ජනපදය මුල් කරගෙනයි.
මෙවර තරගාවලිය සඳහා සන්නාම තානාපතිවරයකු ලෙස ඔලිම්පික් පදක්කම් ලාභී කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් නම් කර තිබෙනවා.
"ක්‍රිකට් ක්‍රීඩාව ජීවිතයේ කොටසක් වන කැරිබියන් දූපත් වලින් පැමිණි මගේ හදවතේ ක්‍රීඩාවට සැමවිටම විශේෂ ස්ථානයක් හිමි වී තිබෙනවා, එවැනි කීර්තිමත් තරඟාවලියකට සහභාගී වීමට ලැබීම මට ගෞරවයක්" යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
749 Views
Comments