“16 වන සැත්කම භයානකයි” - සුපිරි නිරූපිකාවගේ විශාලතම පියයුරු ලබා ගැනීමේ සිහිනයට ශල්‍ය වෛද්‍යවරුන්ගේ අනතුරු ඇඟවීම්

'බ්‍රිතාන්‍යයේ විශාලතම පියයුරු' ලබා ගැනීමේ සිහිනයෙන් සැත්කම් ගණනාවකට මුහුණ දුන් හිටපු නිරූපණ ශිල්පිනියක් වන Katie Price ගේ 16වන සැත්කම භයානක එකක් වෙන්න පුළුවන් කියලා සුප්‍රසිද්ධ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය මාර්ක් සොලමොස් පවසනවා.
45 හැවිරිදි Katie Price හිටපු ආකර්ෂණීය නිරූපිකාවක්.
හැබැයි මේ වෙද්දී නැවත නැවත පියයුරු විශාල කරලා, බ්‍රිතාන්‍යයේ විශාලතම පියයුරු හිමිකාරිනිය වෙන්න උත්සාහ කරපු Katie කියන්නේ වෙනස් කතාවක්.
තමන්ගේ පියයුරු දැන් ඕන ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් විශාල වැඩි කියලා ඇයට පියයුරු කුඩා කර ගන්න ඕනෙලු.
නමුත් මෙච්චර කල් ඇයගේ සැත්කම් කරපු සුප්‍රසිද්ධ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය මාර්ක් සොලමොස් අනතුරු අගවන්නේ මේ නිසා විශබීජ ආසාදනය, සම ඉරී යාම වගේම පියයුරුවලට රුධිර සැපයුමේ බාධා පවා ඇති වෙන්න පුළුවන් කියලා.
Katie Price රූපලාවණ්‍ය හා ප්ලාස්ටික් සැත්කම් වලට ඇබ්බැහි වෙලා නිසා මේ සැත්කමේ භයානකකම ගැන අදහසක් ඇයට නැහැ කියලත් ශල්‍ය වෛද්‍යවරයා කියලා තියෙනවා.
506 Views
Comments