වාතයෙන් වතුර නිපදවන යන්ත්‍රයක් නිර්මාණය කල තඹුත්තේගම හර්ෂක

පරිසර වායුගෝලයෙන් ජලය නිපදවීමේ යන්ත්‍රයක් නිර්මාණය කිරිමට අනුරාධපුර තඹුත්තේගම සෝලම පදිංචි, මේ වන විට නව නිපැයුම් 30කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇති තරුණයෙකු සමත්ව තිබේ.
යන්ත්‍රය නිපදවා ඇත්තේ ජනාධිපති සම්මානයට පවා පාත්‍ර වූ තඹුත්තේගම ඩබ්ලිව්. එම්. හර්ෂක ප්‍රභාත් ධර්මපාල නමැති විසි හතර හැවිරිදි තරුණයෙකි.
මෙම නව නිපැයුම වූ වාතය මගින් ජලය නිපදවීමේ නව යන්ත්‍රය මගින් පැය හතරහමාරකදී සෙල්සියස් අංශක 34 දී පමණ ජලය ලීටරයක ප්‍රමාණයක් නිපදවන බවත් මේ සඳහා කුඩා සෝලා පැනලයක්ද භාවිත කර ඇති බවත් ඔහු පවසයි.
කිලෝ ග්‍රෑම් එකහමාරක් පමණ බරක් සහිත මේ නිපැයුම කොටස් තුනකට වෙන්කර තබා ගනිමින්ද භාවිත කල හැකි අතර ඕනෑම ස්ථානයකට රැගෙන යා හැකි පරිදි මෙය නිපදවා තිබේ.
සූර්ය එළිය ඇති ස්ථානවලදී ජලය එක්රැස් වන අතර රාත්‍රියේදී සෝලා පැනලය වෙනුවට විදුලිය ලබා දීමෙන්ද ජලය නිපදවිය හැකිවීමද මෙහි විශේෂත්වයකි.
මේ නව නිපැයුම විශේෂයෙන්ම කාන්තාර, කැලෑවල ආරක්ෂක මෙහෙයුම්වලදී, මුහුදු ගමන් ආදී ජලය හිග අවස්ථා වලදී මහත් ප්‍රයෝජනයක් වනු ඇත. මේ නිර්මාණය සිදු කිරීමට මොහුට වසර එකහමාරක පමණ කාලයක් ගතව තිබේ.
මේ සුවිශේෂී නිර්මාණයට ඔහු පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට අපේක්ෂා කරන අතර රුපියල් ලක්ෂ දහයක් පමණ වැය වන පරිසරයේ කසල එකතු කිරීමේ සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ යන්ත්‍රයක් නිපදවීමටද හර්ෂක ප්‍රභාත් මේ වන විට කටයුතු කරමින් සිටියි.
2083 Views
Comments