ක්‍රිකට් ක්‍රීඩක චන්දිමාල් - ඉෂිකා යුවළගේ ආදරණීය කැදැල්ලට දැන් අවුරුදු 9ක් - ඔවුන්ගේ අමතක නොවන විවාහ සංවත්සරය මෙන්න (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

ක්‍රිකට් ක්‍රීඩක චන්දිමාල් - ඉෂිකා යුවළගේ ආදරණීය කැදැල්ලට දැන් අවුරුදු 9ක් - ඔවුන්ගේ අමතක නොවන විවාහ සංවත්සරය මෙන්න (PHOTOS)

ක්‍රිකට් ක්‍රීඩක චන්දිමාල් - ඉෂිකා යුවළගේ ආදරණීය කැදැල්ලට දැන් අවුරුදු 9ක් - ඔවුන්ගේ අමතක නොවන විවාහ සංවත්සරය මෙන්න (PHOTOS)

මෙරට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ට සහ ඔහුගේ ආදරණීය බිරිඳ ඉෂිකා ජයසේකරට අද හරි විශේෂ දවසක්.

 

ඒ, අදට ඔවුන්ගේ නව වැනි විවාහ සංවත්සරය යෙදී ඇති නිසාවෙන්.

 

 

අවුරුදු ගාණක පාසල් ප්‍රේමයක් විවාහය දක්වා ගෙන ආ චන්දිමාල් - ඉෂිකා දෙපළට මේ එළඹියේ වටිනාම විවාහ සංවත්සරය කිව්වොත් හරි.

 

මොකද මේ ඔවුන් ආදරණීය දෙමාපියන් හැටියට කිරුළු පළඳින සුබ ම සුබ කාලයක් වන නිසාවෙන්.

 

 

''චන්දිමාල්ගේ බිරිඳ වීම ගැන සතුටු වෙනවා.

චන්දිමාල් කියන ක්‍රිකට් ක්‍රීඩකයා මට හම්බවෙන්නේ මම ආදරය කරන්න පටන් ගත්තාට පස්සේ.

ඒ නිසා මට වටින්නේ චන්දිමාල් කියන පුද්ගලයා මිසක් ක්‍රිකට් ක්‍රීඩකයා ‍නෙවෙයි.

නමුත් ඔහුගේ හැකියාව, දක්ෂතා ගැන මම හුඟක් සතුටු වෙනවා.'' අන්න එහෙමයි ඉෂිකා වරෙක තම ආදරණීය සැමියා ගැන කියලා තිබුණෙ.

 

එදා පටන් අද දක්වාම ආදරණීයව ගලාගෙන යන මේ ආදර කතාව කාගෙත් හිත්ගත්, කවුරුත් ආශිර්වාද එකතු කරන ආදර කතාවක් බවත් කිව යුතුමයි..

 

 

ඔන්න ඉතින්, අදට යෙදෙන විශේෂ දවස ගැන දෙන්නත් එක්ක මේ විදියට සමාජ මාධ්‍ය වෙත ආදරණීය සටහන් ද එක්කාසු කරලා තිබුණා.

 

 

views

364 Views

Comments

arrow-up